Colombo Today Local News

රවි කරුණානායක බිල්ලට දී නිදහස් වෙන මහ මොළකරු අගමැති රනිල්, සැලසුම්කරුවන් වන මලික් හා කබීර් හෂීම්

බැඳුම්කර වංචාවේ මහ මොළකරු වන අගමැති රනිල් වික්‍රමසිංහ සහ සැලසුම්කරුවන් වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන් තිලක් මාරපන කමිටුව හරහා බැඳුම්කර වංචාවේ ප්‍රධාන වැරැදිකරු බවට රවි කරුණානායක බිල්ලට දී ඇතැයි….කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

තිලක් මාරපන කමිටුව විසින් බැඳුම්කර වංචාවේ සැබෑ මහ මොළකරුවන් හා සැලසුම්කරුවන් වසන්කොට එජාපයේ උප නායකයා බිල්ලට දීම මැතිවරණ ඇස්බැන්දුමක් බවද ඔහු සඳහන් කළේය.

“මෙම බැඳුම්කර වංචාව සිදුවන විට අගමැතිවරයා යටතේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව පවත්වාගෙන ආවේ. මේ සිදුවීමේදී අධිකාරි බලය පාවිච්චි කළ බවට කරුණු එල්ල වුණාට ඇති කරපු කලබලය අපි දැක්කා. පළමුවැනි අදියරේදී මලික් සමරවික්‍රම, කබීර් හෂීම් යන ඇමැතිවරු සාකච්ඡා කර තිබුණා. නමුත් තිලක් මාරපන කමිටුව හරහා පැහැදිලිවම ඇස්බැන්දුමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුයි. ජනාධිපතිවරයා අගමැතිවරයාට මහ බැංකුව භාරදීලා ඉන්න තරම් තවමත් විශ්වාසයක් තිබෙනවාද කියලා අපි අහන්න කැමැතියි“ යනුවෙන්ද හෙතෙම පැවැසීය.

Related posts

ගම්පහ දුම්රිය කවුලු දෙකක් වසා දැමේ

Admin

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

සැඩ පහරට හසුවූ ශිෂ්‍යත්ව හපනාගේ සහ පියාගේ සිරුර හමුවේ

colombotoday

සැමියාට කලිසම් වාටියේ සඟවා කුඩු ගෙන ගිය බිරිය අත්අඩංගුවට

Admin

කොන්ක්‍රීට් සිලින්ඩරයකට යටවීමෙන් දරුවෙක් මියයෑමේ සිදුවීමට පුද්ගලයින් පස් දෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

Admin

“ඡන්දයක් ආවොත් ආණ්ඩුවට ඇපත් නෑ.. මල් පොහොට්ටුව උඩින්ම දිනනවා“ ආචාර්ය නිර්මාල්

colombotoday