Colombo Today Local News

අත්අඩංගුවට ගත්තොත් රවී බැදුම්කර හොරු ගැන සියල්ල හෙළි කරන්න යයි…

තමන් යම් හෙයකින් අත්අඩංගුවට ගතහොත් බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සියළු රහස් හෙලි කිරීමට හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා තීරණය කර ඇතැයි සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත් වෙබ් අඩවි ගණනාවක් වාර්තා කර ඇත.

එසේ අත්අඩංගුවට ගැනීමත් සිදුවුවහොත් එය සිය දේශපාලන ගමන් මගට දැඩි ලෙස අයහපත් ලෙස බලපාන නිසා තව දුරටත් ඉවසා සිටීමට හිටපු ඇමතිවරයා සූදානම් නැති බවද එම වෙබ් අඩවි වාර්තා සදහන් කරයි.

මේ අතර එජාප උප නායකත්වයෙන් ඉවත් කිරීමට ලැබී ඇති නිර්දේශ ගැන අදහස් පල කරමින් ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ ජනාධිපති හෝ අගමැති වුවද මැතිවරණ කාලයේ කියනා දේවල් එතරම් ගණන් ගත යුතු නැති බවත් මැතිවරණය අවසන් වූ පසු සිදුවන දේ දෙස බලා සිටිනා ලෙසත්ය.

තමන් මුදල් ඇමතිවරයා ලෙස කටයතු කලද කිසි දිනෙක මහ බැංකුව තමන් යටතේ නොතිබූ බව කරුනානායක මහතා මින් පෙර අවස්තා කිහිපයකදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

Related posts

ආයුධත් සමග ආවා කල්ලියේ 7ක් අල්ලයි

colombotoday

දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම : පොලිසියට පැමිණිල්ලක්

colombotoday

එකම විසඳුම මහ මැතිවරණයක් – ආගමික නායකයෝ, විද්වත්හු අවධාරණය කරති.

colombotoday

“20න් පත්වන භයානක ජනපති” ගැන උදය ගම්මන්පිල පවසයි

colombotoday

සිංහරාජ කැලෑව මුදුණේ වැව් හදන්නෑ. . ගිංඟගේ පහළ කොටසේ අක්කර පහක පොඩි ජලාශයක් හදන්නයි සැලසුමක් තියෙන්නේ.

colombotoday

මැතිවරණ කොමිසම සියලු පක්ෂ ලේකම්වරුන් කැඳවයි

colombotoday