Colombo Today Local News

කිරි පැකට් ලොරියක් දුම්රියේ ගැටෙයි

කොළඹ ‌පොල්ගහවෙල ප්‍රධාන දුම්රිය මාර්ගයේ අලව්ව, ගොරොක්ගස්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් එහි රියදුරු සුළු තුවාල ලබා අලව්ව දිසා රෝහල්ගත කර ඇති බව අලව්ව පොලිසිය පවසයි.

විදුලි සංඥා හා විදුලි සීනුව නාද වෙමින් එම ලොරි දුම්රිය මාර්ගය හරහා ධාවනය කරවීමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.

ගොරොක්ගස්දෙණිය ප්‍රදේශයේ ලොරි රථයක් වන අතර කිරි පැකට් පටවා ගත් රථයක් බවත්, රියදුරුගේ නොසැලකිල්ලෙන් දුම්රිය හරස් මාර්ගයේ ගමන් කිරීමට ගොස්
කොළඹ සිට යාපනය දක්වා ගමන්ගත් දුම්රියේ හැපීමෙන් ලොරි රථයේ ඉදිරිපස කොටස ගැලවී දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ඇත.

දුම්රිය ගමනාගමනය ද පැය බාගයක් පමණ අඩාල වූ බව වර්තාවේ.

Related posts

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

colombotoday

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

ස්විස් රජයෙන් ඩොලර් මිලියන 4ක වෛද්‍යාධාර මෙරටට

colombotoday

දැරියන් තිදෙනෙක් කෙළෙසූ 3ක් මූතූර්වලින් අල්ලයි.. දූෂකයන් නිදහස් කරන්න දේශපාලන බලපෑම්

colombotoday

“ණය ගෙවන්න සල්ලි නෑ.. හම්බන්තොට වරායෙන් 80% චීනයට දෙනවා“ – මුදල් ඇමති

colombotoday

ලෝක ළමා පිළිකා රෝගී දිනය අද

Admin