Colombo Today Local News

“ණය ගෙවන්න සල්ලි නෑ.. හම්බන්තොට වරායෙන් 80% චීනයට දෙනවා“ – මුදල් ඇමති

ravi-karunanayakeහම්බන්තොට වරාය 80% කොටසක් චීනය ලබා ගැනීමට සූදානම් බැවින් එය චීනයට පවරා දීමට රජය සූදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

ඒ හරහා ඩොලර් මිලියන 1,1000 ක් රට තුළට ගලා ගෙන එන බවත් රුපියල ශක්තිමත් කර ගැනීමට මෙය හොද අවස්තාවක් කරගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මත්තල ගුවන් තොටුපලද පවත්වා ගෙන යෑමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත්, මේ සදහා බදු ගෙවා ගැනීමට නොහැකිව රජය විශාල අර්බුධයකට මුහුණපා ඇති බවත් ඔහු පවසා සිටියහ.

වරාය ඉදිකිරීමට රාජපක්ෂ ආණ්ඩුව විසින් විශාල ලෙස ණය ලබා ගෙන ඇති බවත් ,වරාය චීනයට ලබා දෙනවා ඇරෙන්න වෙන කිසිදු දෙයක් කිරීමට හැකියාවක් නැති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියහ.

Related posts

අට පිරිකර නිෂ්පාදනයට සහ අළෙවියට ලියාපදිංචි වීම අනිවාර්යයි

colombotoday

කිලෝ 5කට අධික කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

2016 වසරේ ආර්ථික වර්ධනය 4.4% දක්වා පහත වැටේ

colombotoday

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

colombotoday

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් ගේ බිරිය “හීන් මැණික්” මිය යයි.

colombotoday

රජිව් ගාන්ධි ඝාතනයෙන් නිදහස් වූ ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා යළි මෙරටට

Admin