Colombo Today Local News

ජනපති කැබිනට්ටුවෙන් නැගිට ගියේ “අරක“ කරන්නයි.. කැබිනට් මාධ්‍ය හමුවේදී රාජිත අමුතු කතාවක් කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අඟහරුවාදා (ජනවාරි 16) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඇතැම් ප්‍රකාශවලට විරෝධය පළකරමින් නැගිට ගිය බවට පළවන වාර්තා අසත්‍ය බව රජය පවසයි.

රජය වෙනුවෙන් බදාදා (ජනවාරි 17) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශකවරුන් වන රාජිත සේනාරත්න හා දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් පැවසුවේ ජනාධිපතිවරයා “වේදනාත්මක” ප්‍රකාශයක් කර “ස්වභාවික අවශ්‍යතාවයකට” කැබිනට් මණ්ඩලයෙන් නැගිට ගිය බවය.

පසුව නැවත පැමිණ ඔහු කැබිනට් මණ්ඩලයේ කටයුතු පවත්වාගෙන ගිය බව ඔවුන් කියා සිටියේය.

අඟහරුවාදා කැබිනට් මණ්ඩල හමුව ආරම්භයේදීම ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමා විවේචන කිරීම ගැනත් තමාට නොදන්වා ආණ්ඩුවේ ඇතැම් තීරණ ගැනීම ගැනත් දැඩි අප්‍රසාදය පළ කරමින් විශේෂ ප්‍රකාශයක් කර ඉන් අනතුරුව කැබිනට් මණ්ඩල රැස්වීමෙන් නැගිට ගිය බව වාර්තා විය.

එහෙත් ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් තමන් විවේචනය කිරීම ගැන විශේෂ ප්‍රකාශයක් කළ බව පිළිගත් අමාත්‍ය රාජිත සේනාරත්න පවසන්නේ එයට විරෝධය පළකරමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් ඉවත්ව නොගිය බවය.

“අපි හැමෝම අපිට ස්වභාවික අවශ්‍යතාවක් එහෙම ඇති වුනාම යනවා කැබිනට් එකෙන් එළියට. ඊයේ මමත් ගියා,” යනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේය.

“ජනාධිපතිතුමා ප්‍රකාශය කළා හැබැයි නැගිටලා ගියේ අරකට.”

එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා “වේදනාවෙන්” ප්‍රකාශයක් කළ බව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ අමාත්‍යවරුන් දෙපළම පැවසූහ.

“පිටින් ගහනකොට වේදනාව නැහැ. ඇතුලේ ඉඳන් ගහනකොට තමයි වේදනාව,” රාජිත සේනාරත්න ඇමතිවරයා කියා සිටියේය.

එසේ ජනාධිපතිවරයා විවේචනය කළ අයට අවවාද කරන්නේ යයි අගමැතිවරයාඑහිදී ප්‍රකාශ කළ බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අගමැතිවරයා විවේචනය නොකළ යුතු බවට එහිදී එකඟතාවක් ඇතිවූ බව අමාත්‍ය සේනාරත්න වැඩිදුරටත් සඳහන් කළේය.

– BBC[fbvideo link=”https://www.facebook.com/BBCnewsSinhala/videos/956260081198407/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

colombotoday

සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. රාජිතට කළ දේ දේශපාලන පළිගැනීමක්. කුමාර වෙල්ගමගෙන් ප්‍රකාශයක්

colombotoday

විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී යෝග්‍යතා පරීක්ෂණ නොපැවැත්වීමට තීරණයක්.

colombotoday

පිරමීඩ ජාවාරමකට මුදල් ඉල්ලූ අයෙක් පහර දී මරාදාලා

Admin

ඇමති හරීන්ට සහ ජනපති සොයුරු කුමාරසිංහට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් !

colombotoday

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

colombotoday