Colombo Today Local News

ඉදිරි මාස කිහිපයේදී සයිනොෆාම්-ෆයිසර් එන්නත් තොගයක් ලංකාවට

සිනොපාර්ම් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50 ක් ඉදිරි මාස කීපයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

සිනොපාර්ම් එන්නතේ මාත්‍රා ලක්ෂ දහයක් ලබන 6 වැනිදාත් තවත් මාත්‍රා ලක්ෂ දහයක් ලබන 9 වැනිදාත් මෙරටට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ලබන ජූලි මාසයේදී මෙරට ලැබීමට නියමිතව ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා මෙම සියළුම එන්නත් ලැබෙන ලැබෙන පරිදි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

මෙරටේ එන්නත අවශ්‍ය සියලු දෙනාටම එන්නත ලබාදීමට කටයුතු කරන බවද ජයසුමන මහතා පැවසුවේය.

Related posts

මෝල්ගසකින් පහරදී පියා ඝාතනය කල 22 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට

colombotoday

ජා.ලයිස්තුව නොලැබුනොත් ජීවිතය හැරදා යනවා

Admin

කහපොල සිළුමිණි පිරිවෙනේ හිමිවරුන් 69 දෙනෙකු ඇතුළු 84 ක් නිරෝධායනයට

colombotoday

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලයිස්තුවෙනුත් මන්ත්‍රී ධූරයක් නොලැබෙන හැඩ

colombotoday

සජිත් නැවතත් විපක්ෂනායක ධූරයට

Admin

“බුදු හාමුදුරුවෝ මිනිමස් වැළඳුවා” යැයි පවසා අපහාස කල අබ්දුල් රාසික්ට එරෙහි නඩුව හෙට

colombotoday