Colombo Today Local News

රට දීලා මහ බැංකුව කඩපු අයට ගම දුන්නොත් ග්‍රාමීය බැංකුවත් ඉවරයි

රටේ බලය ලබා ගෙන මහ බැංකුව කැඩූ අයට ගමේ බලයත් ලබා දුන්නොත් ග්‍රාමීය බැංකුවත් කඩනු ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.

අකුරණ ප්‍රදේශයේදී පසුගිය 10වනදා පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.

අකුරණ ප්‍රාදේශීය සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන්ට සහය දැක්වීමේ අරමුණෙන් මෙම හමුව සන්විධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා…

“අපේ රට නිදහස ලබාගෙන අවුරුදු 70ක් සම්පූර්ණ වෙනවා. නමුත් ඇත්තටම අපිට හිතේ නිදහසක්වත් තියෙනවද? ව්‍යාපාරයක් කරන්න ගියාම හතර අතේ බදු ගහනවා. කඩයකට බඩු ගන්න ගියාම බඩු මිල වැඩියි. ජීවත්වීම පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. අපිට නිදහසක් තිබෙනවා නම් තුන් වේල කාලා විනෝද වෙලා ඉන්න තියෙන්න ඕන. නමුත් අද තුන්වේලක් කනවා තියා දවස් තුනට වේලක් කාලා ඉතුරු වේල්ටික ලෙවකාලා ජීවත් වෙන්නයි සිද්ධ වෙලා තියෙන්නේ.

හොරකම වංචාව නවත්තන්න දූෂණය නවත්වන්න තමයි රාජපක්ෂ පාලනය ගෙදර යවන්න තීරණය කළේ. නමුත් මොකද වුණේ. මෛත්‍රීපාල මහත්තයා ජනාධිපති වුණාට පස්සේ රටේ මිනිස්සු බලාගෙන හිටියා හොරු අල්ලනකම්. නමුත් සිරිකොතේ අය සැලසුම් කරලා තියෙන්නේ මහ බැංකුව බිඳින හැටි. හොරු අල්ලන්න බලය දුන්න ආණ්ඩුවට දැන් අවුරුදු තුනයි. දැන් කවුද හිරේ ඉන්නේ. කවුරුවත් හිරේ නැහැ.

දැන් ආණ්ඩුව කියන්නේ රටේ බලය තියෙන නිසා ගමේ බලයත් දෙන්න කියලා. රටේ බලය ලබාගෙන මහ බැංකුව කැඩුවා වගේ ගමේ බලය දුන්නොත් ග්‍රාමීය බැංකුවත් සමෘද්ධි බැංකුවත් කඩනවා. ඒ නිසා ඒකට ඉඩ තියන්න එපා. මේ තුනගොල්ලම පිටට විරුද්ධ බව පෙන්නුවාට ඇතුළට ගිහින් එකටයි ඉන්නේ. පළාත් පාලන ආයතන තමයි හොරුන්ගේ ළදරු පාසල. මෙතැනින් තමයි පටන්ගන්නේ කොමිස් ගහන්න. පාරෙන්, පාලමෙන්, බෝක්කුවෙන් විතරක් නෙවෙයි වැසිකිළියෙනුත් කොමිස් ගහන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. එතැනින් කොහොම හරි පළාත් සභාවට පැන ගන්නවා. පළාත් සභාවේදී මීට වඩා ඉහළ මට්ටමින් හොරකම් කරන්න පටන් ගන්නවා. මේ අය රට හදනවා කියලා කරන්නේ වංචාව, දූෂණය සහ හොරකම රජකරවන එකයි. හොරු අල්ලන්න හදපු ආණ්ඩුව හොරු ටික එකතු වෙලා අල්ලගත්තම ඔක්කොම එකතුවෙලා හොරකමි කරන්න පටන්ගෙන.

අද වනවිට ගම මත්ද්‍රව්‍ය ගිලගෙන තිබෙනවා. එවායෙන් ගම බේරගන්න නම් එකසත් ජාතික පක්ෂයටවත් බුලත් කොළයටවත් පොහොට්ටුටවත් ඡන්ද දීලා හර්යන්නේ නැහැ. ගමේ ජනතාව හිතනවනම් අපි පරම්පරාවෙන් එජාප පාක්ෂිකයෝ, පරම්පරාවෙන් ශ්‍රී ලංකාකාරයෝ කියලා ඒක වැරදියි. සමහර මැති ඇමතිවරු ඉන්නවා ඒ අය දන්නේ නැහැ එ් අය ඉන්නේ මොන පක්ෂෙද කියලා. මොකද ඒ තරමට පක්ෂ මාරු කරනවා. එහෙනන් ගමේ ජනතාව පමණක් ඇයි පරම්පරාවෙන් පක්ෂයකට ඇලිලා ඉන්න ඕන. අලියට දුන්නත්, බුලත් කොළේට දුන්නත්, පොහොට්ටුවට දුන්නත් මේ තුන්ගොල්ලම එකතු වෙනවා.

නිදහසින් පස්සේ අවුරුදු 70ක් රට පාලනය කළ මේ පක්ෂ ගමේ පාරවල් ටික හදලානම් තියෙන්නේ පාසල් හදලානම් තියෙන්නේ ‍සෞඛ්‍ය සේවය හදලානම් තියෙන්නේ ජනතා විසුක්ති පෙරමුණට ඡන්දය ඉල්ලන්න ඕන වෙන්නේ නැහැ. පසුගිය වසර 70 පුරා මේ රට පාලනය කළ කිසිම කණ්ඩායමකට බැරිවුනා රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දමන්න.” යැයිද පවසා සිටියේය.

Related posts

කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ ආදාහනය ගැන කතාකරන්න ගිය හකීම්ට මහින්දගෙන් සැර පිළිතුරක්

colombotoday

දේශීය කිරි ගොවියා නංවන ජනපතිගේ කතා සුස්සක් වෙයි.. බහුජාතික සමාගම් විෂ කිරි පොවා රටම ලෙඩ කරයි !

colombotoday

“අද අපේ රට පරාධීන තත්වයට පත්වෙලා“ – අතුරලියේ රතන හිමි

colombotoday

“රැදවුම්භාරයේ ඉන්න අලි පෙරහැරට දෙන්නෙ නෑමයි.. අනාථාගාර හදල බෝ කරල දෙනව” සජිත්

colombotoday

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

colombotoday