Colombo Today Local News

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

කොළඹ වරාය පරිශ්‍රයේ රඳවා තිබූ බහාලුමක් කඩා එහි තිබූ එනසාල් පෙට්ටි 9ක් සොරකම් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කොළඹ වරාය පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අදාළව කළ විමර්ශනයකදී ය.

අදාළ එනසාල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි.

සැකකරුවන් විසින් සොරකම් කරන ලද එනසහල් ගබඩා කර තිබූ කන්ටේනරයක් පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉපලෝගම, බණ්ඩාරගම සහ නිකදළුපොත යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

ඔවුන් අද(29)දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

දයාසිරි සුසන්තිකාට ඉන්ටර්නැෂනල් වැඩක් දෙයි !

colombotoday

දුම්රිය වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක…

colombotoday

ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්

Admin

යාපනය – චෙන්නායි ගුවන් ගමන් යළි අද සිට

Admin

සත්ව ආහාර හා බියර් නිෂ්පාදනයට සහල් යොදා ගැනීම අත්හිටුවන්න උපදෙස්

Admin

මවක් විසින් ඇලකට විසිකිරීමට ගිය බිළින්දා ප්‍රදේශවාසීන් බේරාගනී

colombotoday