Colombo Today Local News

සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. රාජිතට කළ දේ දේශපාලන පළිගැනීමක්. කුමාර වෙල්ගමගෙන් ප්‍රකාශයක්

පසුගිය 2010-2015 රජය සමයේ සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ඒක නැහැ කියලා කාටවත් කියන්න බැහැ යැයි කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මතුගමදී පැවසීය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම පිළිබඳ අදහස් දක්වමින් හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගම මෙසේද කීවේය.

කාටහරි දඬුවම් දෙන්න අවශ්‍ය නම් ආණ්ඩුවට පොලිසිය ලවා ඒක කරවන්න පුළුවන්. මෙවැනි දේ අපි මීට ඉහත අත්දැකලා තියෙනවා. රාජිත සේනාරත්න කළ දේ හරිද? වැරදිද? කියලා මම කියන්න යන්නේ නැහැ. ඒ අවස්ථාවේ මැතිවරයක් තිබුණා. ඔහුට ලැබුණු තොරතුරු අනුව ඔහු කටයුතු කළා. එහෙම නැතිව රාජිත සේනාරත්න හිතා මතා කළ දෙයක් නෙමෙයි.

මම දන්න තරමින් මේ ගැන ප්‍රකාශයක් කළ ප්‍රධානම පුද්ගලයන් දෙදෙනා අද නිදහස් කරලා තියෙනවා. ඒ නිසා මේක දේශපාලන පළිගැනීමක් බව ඉතා පැහැදිලියි. ඒකාබද්ධ විපක්ෂ‍ය හිටපු කෙනෙකු ලෙස එයාලා කටයුතු කරන්නේ කොහොමද කියලා මම ඉතාම හොඳින් දන්නවා. කෙනෙකුට හිරිහැර කරන්න අවශ්‍ය නම් ඒක කළ යුතු ආකාරය එයාලා දන්නවා.

මොකද මම එතන ඉඳලා ආව කෙනෙක් විදිහට මේ රජය ක්‍රියා කරන හැටි ගැන මට ඉතා හොඳ වැටහීමක් තියෙනවා. පසුගිය රජය වගේම මේක මේ රජය කළ වැරදි දෙයක්. කවුරු කළත් ඇත්ත කියන්න ඕන. වැරදි කරන්නේ නැහැ කියලා මෙයාලා ආවේ.

රාජිත සේනාරත්න මේ රටට විශාල සේවයක් කළ දේශපාලනඥයෙක්. ඒ නිසා ආණ්ඩුව ඔහු සම්බන්ධයෙන් දක්වපු ක්‍රියාකලාපය ගැන අපගේ විරෝධය ප්‍රකාශ කරනවා.

Related posts

බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීන සූපවේදිනි ශාන්තා මායාදුන්නේ ජීවිතක්ෂයට

colombotoday

ඩෙංගු බෝවන තැන් සොයා විශේෂ ඩ්‍රෝන මෙහෙයුමක්

colombotoday

සරත් ෆොන්සේකාට වාරණ නියෝගයක්

Admin

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

රයන්ගේ ‌මෝටර් රථය පොලිස්භාරයට – කේරල ගංජා මිලිග්‍රම් 5,750ක් සොයා ගනියි

colombotoday

ඇමරිකා යන්න ගිය නාමල්ට රුසියාවේදී බාල්දියක්.. ගුවන් යානයට එක්කරගන්න බෑ කියයි..

colombotoday