Colombo Today Local News

කිරිඇල්ලගේ ගෝලයන්ටත් විශ්වවිද්‍යාල වරම් !

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල තම දේශපාලන හිතවතුන්ට විශ්වවිද්‍යාල සේවාවන් සඳහා පත්වීම් ලබා දෙමින් ඇති බවට තොරතුරු වාර්තා වේ.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සිය හිතවතුන්ට එම අවස්ථාව ලබා දීම හේතුවෙන් පසුගිය රාජපක්ෂ ආණඩුව සමයේ සහ වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නාවල ඇතුළු දිවයිනේ ප‍්‍රධාන මධ්‍යස්ථාන 7කට බඳවා ගත් කම්කරු සේවකයන් රැසකගේ රැකියා අහිමි වීමේ අවදානමක්ද නිර්මාණය වී ඇත්තේ ඇත.

නාවල විවෘත විශ්වවිද්‍යාලයේ සේවකයන් 37 දෙනෙකුගේ සේවය එළැඹෙන දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බවට දන්වා ඇති අතර මේ වනවිටත් නවකයන් 16 දෙනෙකු බඳවා ගෙන ඇත.

සේවය අහිමි වීමේ අනතුරකට මුහුණ පා සිටින සේවකයන් බඳවාගෙන තිබී ඇත්තේ දෛනික පදනම මතය.

ලංකාව පුරා විවෘත විශ්වවිද්‍යාල මධ්‍යස්ථානවල මෙවන් සේවකයන් 100කට අධික ප‍්‍රමාණයක් සිටින බව ද වාර්තා වෙයි.

මේ අනියම් සේවකයන්ට දින 180 සම්පූර්ණවීම සිදු වන පරිදි අඛන්ඩව එකම ආයතනයක සේවය කිරීමට අවස්ථාව නොසලසා මාස තුනකට වරක් සේවා කැඩීම් සිදු කර ඇත.

මෙම සේවකයන් ඉවත් කර මෑන් පවර් ක‍්‍රමයකට සේවකයන් බඳවා ගැනීමටත් තම හිතවතුන්ට පත්වීම් ලබා දීමටත් අමාත්‍යවරයා සැලසුම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

නුගේගොඩ රැලියෙන් අපට අභියෝගයක් නෑ.. ඉදිරියේදී කාටවත් නටන්න දෙන් නෑ !

colombotoday

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

colombotoday

රජය සතු සියලු වත්කම්වල වටිනාකම රුපියල් බිලියන 814 යි !

colombotoday

කාල බෝතලේ තහනම් කරන්න යයි

colombotoday

විශ්වාසභංගය මේ සතියේ.. අගමැති රනිල් තුන් පැත්තකින් හිරවේ…

colombotoday

කොවිඩ් මර්දන එන්නත ජනමාධ්‍යවේදීන්ටත්

colombotoday