Colombo Today Local News

කාල බෝතලේ තහනම් කරන්න යයි

මත්පැන් කාලේ බෝතල් නිෂ්පාදනය තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසයි.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදි ඊට සහභාගී වූ පුද්ගලයන්ගෙන් සියයට 72ක ප්‍රමාණයක් මත්පැන් කාලේ බෝතලය තහනම් කළ යුතු බවට මතය පළකළ බව සභාපතිවරයා පවසයි.

මත්පැන් හා දුම්වැටි සම්බන්ධයෙන් සිදු කළ මෙම සමීක්ෂණයට වයස කණ්ඩ තුනක් යටතේ මෙම සමීක්ෂණය සිදු කර තිබේ.

වයස 17 – 30 දක්වා 40% ප්‍රමාණයක්, වයස 31 – 45 දක්වා 35% ක් සහ වයස 45 ට වැඩි 25% පමණ මීට සහභාගි වූ අතර මුළු සමාජයම නියෝජනය වන පරිදි විවිධ අධ්‍යාපන මට්ටමේ පුද්ගලයන් මේ සදහා දායක කරගත් බව සභාපතිවරයා පවසයි.

Related posts

උතුරේ හමුදාව මාස හයක් තුළ ඉවත් කළ යුතුයි – ශිවාජිලිංගම් දින දෙයි

colombotoday

කාති උසාවියක කාතිවරුන් කතකගෙන් ලිංගික අල්ලස් ඉල්ලා

colombotoday

ෂරියා බැංකු පවත්වාගන යන මෙරට බැංකුවලට විරෝධයක් – දහස්ගණනින් ගිණුම් ඉවත්කරගැනීමට සැරසේ

colombotoday

ආගමික නායකයින්ටත් එන්නත

colombotoday

හමුදාව තුල විශාල නොසන්සුන්තාවයක් !!

colombotoday

රේගුවේ මහා පරිමාණ බදු වංචාවක්.රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණයවේ

colombotoday