Colombo Today Local News

කල්මුණේ, සමන්තුරේ, පොතුවිල් එක්කර අලුත් පරිපාලන දිස්ත්‍රික්කයක් බදුර්දීන් ඉල්ලයි

කල්මුණේ, සමන්තුරේ, පොතුවිල්, මැතිවරණ කොට්ඨාස එකතු කර රටේ 26 වැනි පරිපාලන දිස්ත්‍රික්කය ස්ථාපිත කළයුතු බව සමස්ත ලංකා මහජන කොංග්‍රස් නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා එක්සත් සාම සන්ධානය එක්ව සකස් කළ එක්සත් ජනතා සන්ධානය දැනුවත් කිරීමේ මාධ්‍යහමුවට සහභාගි වෙමින් ඊයේ (10දා) මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයටද මෙම කරුණ ඇතුළත් කර තිබෙන බවයි.

මෙහිදී ජනවර්ගයට අවශ්‍ය පහසුකම් සහිතව නව පරිපාලන දිස්ත්‍රික්කය නිර්මාණය කළයුතු බවත්, රටේ පරිපාලන කටයුතුවලදී භාෂාමය වශයෙන් නොයෙකුත් ගැටලුවලට අම්පාර දිස්ත්‍රික්කයේ මෙම කොට්ඨාස තුනෙහි ජීවත්වන දෙමළ ජනතාව මුහුණදෙන බවත් ඔහු පවසා සිටියේය.

Related posts

රාජ්‍ය සේවකයින්ගෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ.

Admin

අර්ජුන තිලංගගේ පැටිකිරියම දිග හරී.. ක්‍රිකට් ක්‍රීඩාව සූදු අන්තුවන්ටම ගිය බව කියයි

colombotoday

අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයි

Admin

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්….

colombotoday

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

colombotoday

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday