Colombo Today Local News

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

පළාත් පාලන මැතිවරණයෙන් පසු ඒකාබද්ද විපක්ෂය නටඹුන් බවට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

ඊයේ 02 කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැමැත්ත මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත්වූ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ආණ්ඩුවෙන් වෙන්ව කටයුතු කළ බවද ඔහු පවසා සිටියේය.

එම කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරමින් සිටි බවත්, යම් පිරිසක් පොහොට්ටුව මූලික කරගනිමින් පක්ෂයක් නිර්මාණය කරගත් බවද පවසා සිටියේය.

මේ හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ශක්තිය අඩුවී යන බවත්, ජනපතිවරයාගේ ශක්තිය අඩුවී ගියහෝත් 2001 වසරේදී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට සිදුකළ දේවල් එක්සත් ජාතික පක්ෂය විසින් සිදුකළ හැකි බවද වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරමින් සිටියද තමා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහජන නියෝජිතයෙකු බවට පත්වූ බවත්, මේනිසා හරිතැනදී හරි තීරණය ගැනීමට සිදුවූ බවත් හෙතෙම පවසා සිටියේය.

Related posts

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

colombotoday

අල්ලස් ගත් නාගරික මන්ත්‍රීවරුන් රෝහල් රථ ගාලේදී මාට්ටු

colombotoday

ජනාධිපතිවරයා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

colombotoday

ජනමතයට නිගරු කරමින් ද්විත්ව පුරවැසියන්ට රටේ පාලනය භාරදීමේ උත්සාහය පරාජය කරමු – කරු ජයසූරියගෙන් මාධ්‍ය නිවේදනයක්

colombotoday

හිටපු ඇමති තොන්ඩමන්ගේ අවමංගල්‍ය උත්සවයට ගිය තිදෙනෙක්ට කොරෝනා රෝග ලක්ෂණ

colombotoday