Colombo Today Local News

ජනාධිපතිවරයා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

ජනතාවට පොරොන්දු වූ ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනයක් සහ ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

මේ අතර එක නීතියක් එක රටක් යන තේමාව යටතේ දූෂණයෙන් තොරව නිවැරදිව ඉදිරියට යෑමට සහාය දෙන්නැයි ජනාධිපතිවරයා සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් ආර්ථිකය පහළ බැසීමකට ලක්ව ඇතත් ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් එම කාල සීමාවේදී කර ඇතැයි පැවසූ ජනාධිපතිවරයා කොවිඩ් පාලනයට කැපවූ සියලු දෙනාට ස්තූතිය පුද කරන බවද ප්‍රකාශ කළේය

ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 72 වැනි සංවත්සරය වෙනුවෙන් අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැති සම්මාන පෙළපාළිය පිළිගැනීමෙන් අනතුරුවය.

Related posts

මුස්ලිම් පල්ලි පාලනයට වහබ්වාදින්, මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

colombotoday

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin

බස්නාහිර පළාතට ඇතුල්වීම, පිටවීම තහනම්

colombotoday

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

colombotoday

එජාපය සමග ජවිපෙත් එකතුවෙයි… ජනපතිට එරෙහිව සදුදා කරන්න යන දේ…

colombotoday

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday