Colombo Today Local News

අල්ලස් ගත් නාගරික මන්ත්‍රීවරුන් රෝහල් රථ ගාලේදී මාට්ටු

රුපියල් එක් ලක්ෂ පනස් දහසක අල්ලසක් ලබාගත් මහනුවර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලරීන් අද(5) පස්වරුවේ කළ වැටලීමකදීයි.

මහනුවර කටුගස්තොට පාලම අසල ඩිජිටල් පුවරුවක් සවිකිරීම සඳහා මහනුවර මහ නගර සභාව මූලික අනුමැතියක් ලබාදී තිබේ.

එම කටයුතු කඩිනම් කිරීම සඳහා මෙම මන්ත්‍රීවරුන් පැමිණීලිකරුගෙන් මෙලෙස අල්ලසක් ඉල්ලා ඇතැයි, අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණී වීරසූරිය මහත්මිය සඳහන් කළා ය.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක රථ ගාලකදීයි.

අත්අඩංගුවට ගත් නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

2023 බ්‍රිතාන්‍යයේ වෙළෙඳ යෝජනා ක්‍රමයට ශ්‍රී ලංකාවත් ඇතුළත් කෙරේ

colombotoday

රන් වංචා කළ මන්ත්‍රී සබ්‍රි රහීම් පක්ෂයෙන් නෙරපයි

Admin

කොටි වළලපු රත්තරන් වලට හමුදා සහ පොලිස් ආරක්‍ෂාව

colombotoday

තහනම පුස්සක් වෙයි. අබ්දුල් රාසික් “මුස්ලිම් වාමාංශික පෙරමුණ” නමින් එලියට. අන්තර්ජාලයේත් නිදහසේ සැරිසරයි.

colombotoday

ශ‍්‍රි ලංකා පේ‍්‍රක්‍ෂකයන් බංගලියන්ට එරෙහිව ඉන්දියාවට චියර් කිරිමෙන් භයානක ප‍්‍රතිඵල ලද හැකියි.. – විමල්

colombotoday

විදේශ ඇමති සබ්රි අමෙරිකානු ජනපති බයිඩන් හමුවෙයි

colombotoday