Colombo Today Local News

කොටි වළලපු රත්තරන් වලට හමුදා සහ පොලිස් ආරක්‍ෂාව

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී මුලතිව් මුල්ලිවයික්කාල් – කුරුන්දඩි පිල්ලෙයාර් කෝවිල් භූමියේ වළ දමා ඇති රත්තරන් තොගයක් ගොඩ ගැනීමට පිරිසක් උත්සාහ කිරීමත් සමග 24 දා රාත‍්‍රී එම කෝවිල් භූමියට යුද හමුදාවේ ආරක්ෂාව යොදවා තිබේ.

කෝවිලේ මුරකරුවකු විසින් කිසියම් පිරිසක් කෝවිල් භූමිය හෑරීම සදහා සූදානම් වන බව දැකීමෙන් පසුව ඔහු ඒ බව කෝවිලේ ප‍්‍රධාන පූජකවරයාට සැළ කිරීමෙන් පසුව පූජකවරයා මේ ගැන ආරක්ෂක අංශවලට පැමිණිලි කොට තිබේ.

ඒ අනුව කෝවිල් භූමියට යුද හමුදාව හා පොලිසිය පැමිණ රාත‍්‍රියේ සිට ආරක්ෂාව දැඩි කොට ඇත.

මුලතිව් පොලීසිය මේ ස්ථානය හෑරීම සදහා පැමිණි පිරිස සොයා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

2009 වසරේදී මේ ස්ථානයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් විශාල රත්තරන් තොගයක් වළ දමා ඇති බවට ප‍්‍රචාරයක් යාම නිසා මීට ඉහතදී ද කීප දෙනෙකුම කෝවිල් භූමිය හෑරීමට උත්සාහ කළ අතර ඉන් සමහර අය පොලිස් අත්අඩංගුවට ද පත්විය.

Related posts

එළි පෙහෙළි කිරීම් නැවතත් රිසි සේ.. විල්පත්තුව අනතුරේ !

colombotoday

ඉදිරියේදී ධර්ම සංඝායනාවක් කරනවා – ජනපති

colombotoday

GSP+ ගන්න, සමලිංගිකත්වය නීතිගත කර, ත්‍රස්ත මර්ධන පනත අහෝසි කරන්න රජයේ අවධානය !

colombotoday

දුම්රිය ධාවනය යලි යථා තත්ත්වයට

colombotoday

නාගනන්ද කොඩිතුවක්කු රේගුවේ නිලධාරීන් සමග එක්ව ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නවා

colombotoday

නව ව්‍යවස්ථාව හදන 9කට වැටුප් එක්සත් ජාතීන්ගෙන්.. ව්‍යවස්ථා කාර්යාලය මෙහෙයවීම ලන්ඩනයෙන්

colombotoday