Colombo Today Local News

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් 27දෙනෙකු  ඝාතනය වීම සම්බන්ධයෙන් වර්තමාන බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් එමිල් රංජන් ලමාහේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කලේ අංක 142, බේස්ලයින් පාර, කොළඹ 09 ලිපිනයේ පිහිටි බන්ධනාගාර නිල නිවසේ දී ඊයේ රාත්‍රියේ ළමාහේවා මෙලෙස අත්අඩංගුවට පත්වු බවයි.

මොහු 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය කිරීමේ සිදුවීම වන විට වැලිකඩ මැගසින් බන්ධනාගාරය බාරව, බන්ධනාගාර අධිකාරීවරයා ලෙස කටයුතු කර ඇත.

මේ අතර මෙම සැකකරු හා මෙයට අදාළව ඊයේ දිනයේ දී අත්අඩංගුවට පත් පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ද අද අලුත් කඩේ අංක 02 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

අද රත්තරන් මිල අඩුයි

Admin

විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ වැටුප් සියයට 25කින් ඉහළට

colombotoday

මත්පෙති 1000ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු දැලේ.

colombotoday

“මේ රටේ බෞද්ධයෝ නැතිවුනොත් හින්දුන්ට ඇඩ්රස් නැතිවෙලා, නන්නත්තාර වෙලා යනවා”

colombotoday

රාගම ගුවන් පාලම අසල ඇළක නාඳුනන මළ සිරුරක්

Admin

ධනංජය සිල්වාගේ පියානන් ඝාතනය : සැකකරුවෙක් වසර 4ට පසු අත්අඩංගුවට… අත්බෝම්බයක් සොයා පොලිසිය සැකකරු රැගෙන යයි

Admin