Colombo Today Local News

මිනිස් වෙස් ගත් නොමිනිසුන් ගල්ගමුවේ දල පූට්ටුවා මරා දමයි.. කෑලි කපා තැන තැන වලළයි !!

අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූටූවා ඇත් රජුන් මරා දමා ඇති බව මෙතෙක් දින ගණනාවක් පුරාවටම මාධ්‍ය වෙත බොරු ප්‍රකාශ කරමින් සිටි වනජීවී දෙපාර්තුමේන්තුව අද මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

දළ පූට්ටුවා මරා දළ ගලවා ගැනීමෙන් අනතුරුව යාන්ත්‍රික කියත් ආධාරයෙන් සිරුර කැබලිවලට කපා වෙන්කර ස්ථාන කිහිපයක වළ දමා ඇති බව විශ්වාස කරන්නේ යැයි ඊයේ පාර්ලිමේන්තුවේදී වනජීඉවි ඇමටි ගාමිණි ජයවික්‍රම මහතාද සඳහන් කලේය.

පසුගිය ඔක්තෝම්බර් මාසයේයෙන් පසු ගල්ගමුවේ දළ පූට්ටුවා දක්නට නොලැබීම හේතුවෙන් කලබලයට පත් වූ පරිසරවේදීන් නොසිටින්නට වනජීවී දෙපාර්තුමේන්තුව ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබඳව කිසිඳු හාවක් හූවක් නොමැතිව සිටියේය.

දැන් මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කරන වනජීවි දෙපාර්තමේන්තුවේ වැඩ බලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න මීට ප්‍රථම පරිසරවේදීන් දිගින් දිගටම පොල්පිතිගම අල්ලපු දළ යුවල පූට්ටුවගෙ කියලා ප්‍රකාශ කෙරුවත් ඔවුන් එය පිළිබඳව මුනිවත රකිමින් සිටියේය..

“දළ පරණයිලු.. පූට්ටුවගෙ නෙවෙයි ලු… කිසිම තොරතුරක් නැතුව, කිසිම දත්තයක් නැතුව, පරීක්ෂණ වාර්තා එන්නත් කලින් එක එක කතන්දර කියලා තමන්ගෙ නොහැකියාව තවත් ප්‍රදර්ශනය කරන වනජීවී දෙපාර්තුමේන්තුව ඇතා ගැන අවංකවම ආදරයක්, කැක්කුමක් තියෙන බවක් පෙන්නුම් නොකලේ දැඩි සැකයක් මතු කරමිනි.

ඒ පිළිබඳව සොයා බැලීමේදී අපට අනාවරණය වූයේ දළ පූටූඋවාගේ හෝ අනෙක් ඇත්තුන්ගේ DNA එකතුවක් හෝ දෙපාර්තුමේන්තුව සතුව නොමැති බවයි..

වනජීවී ඇමති ගාමිනි ජයවික්‍රම මහතාගේ පත් වීමක් අනුව දැනට වයඹ කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ ඒ.එච්. සුමනසේන මහතා වනජීවී දෙපාර්තුමේන්තුවෙන් විශ්‍රාම ගිය එහෙත් වනජීවී ඇමතිවරයාගේ අනුහසින් යළි පත් වීමක් ලබා ගත් අයෙක් බවද හෙළිවී ටිබෙනවා.

හේරත්ගම, ගල්කිරියාගම, ගල්ගමුව සහ මීගලෑව යන වනජීවී කාර්යාලවල නිලධාරි කණ්ඩායම් 4ක් දළ පූට්ටුවාගේ සිරුර වළදමා ඇති ස්ථාන සොයා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කර ඇති බවට වනජීවි දෙපාර්තමේන්තුවේ වැඩ බලන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් මංජුල අමරරත්න සඳහන් කර සිටියත් දළපූට්ටුවා ඝාතනය කල බවට සැකපිට අත් අඩංගුවට ගත් ග්‍රාම නිලධාරීවරයා සහ  රියදුරා සහ එක් සැකකරුවෙකුගේ ඔහුගේ සොහොයුරෙක් බව කියන වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ වැඩ කරන තවත් අයෙක් සමගත් වනජීවී ඉහළ පෙලේ නිලධාරීයෙක්ගේ සම්බන්ධයක් ඇති බවටත් පරිසරවේදීන් විසින් හෙලි කරගෙන ඇතැයි සඳහන්..එම නිසා මෙම පරීක්ෂණ කටයුතු යට ගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවටත් පරිසරවේදීන් සැක පල කරනවා.

ප්‍රදේශයෙන් පලා ගොස් සිටින භික්ෂුවක් සොයා ඒ පිළිබඳවත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

දැනට පරිසරවේදීන් සැක පල කරන්නේ ඔවුනට ලැබී ඇති තොරතුරු අනුව දැනට අත් අඩංගුවේ සිටින එක් සැකකරුවෙකුගේ සහෝදරයෙක් වන වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ වැඩ කරන පුද්ගලයෙක් ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබදව මීට ඉහතදී තොරතුරු සොයා බැලීමක් සිදුකොට ඇති බවත්ය.

එමෙන්ම ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන බැකෝ යන්ත්‍ර වාරි මාර්ග දෙපාර්තුමේන්තුවේ බවත් ඔවුන් සැක පල කරනවා.

ගල්ගමුවේ දළ පූට්ටුවා මරාදමා ඇත්තේ කහල්ලපල්ලකැලේ අභයභූමිය අසල හේරත්ගමදී බවට සැක කරන බවත් එම ප්‍රදේශයේ දින කිහිපයක්ම සැකකටයුතු ලෙස බැකෝ යන්ත්‍රයක් නවතා තිබී ඇති බවත් වනජීවී නිලධාරීහු කියා සිටින්නේ සැකපිට අත් අඩංගුවේ සිටින ග්‍රාමසේවකයා හා රියදුරාගෙන් දළ පූට්ටුවා කපා වැල්ලුවේ කොහේදැයි අසා දැන ගැනීමේ නිවැරැදි හැකියාව තිබියදීය.

මේ සම්බන්ධව හේරත්ගම ග්‍රාම නිලධාරියා සහ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් නිලධාරියකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද බවත් සැකකරුවන් පැමිණ ඇත්තේද අංක තහඩු වෙනස් කරන ලද මෝටර් රථයක බවත් වලාන දූෂණ මර්දන ඒකකය පවසයි. පොලිසිය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වෙන වෙනම පරීක්ෂණ කටයුතු සිදුකරයි.

දිගින් දිගටම පරිසරවේදීන් විසින් දැනට ඉතිරි වී සිටින ඇතුන්ගේ ආරක්ෂාව පිණිස කිසියම් හෝ වැඩපිලිවෙලක අවශ්‍යතාවය මතු කර සිටියත් වනජීවී දෙපාර්තුමේන්තුව ඒ කිසිඳු කරුණක් පිළිබඳව තැකීමක් නොකර සීතල කාමරවල වී සිටිය නිසා මේ තත්වය උදා වී ඇති බව අපේ රට වෙබ් අඩවිය ඉතා වගකීමෙන් ප්‍රකාශ කර සිටිනවා.

එමෙන්ම දැනට අත් අඩංගුවේ සිටින සැකකරුවන්ගේ දුරකථන සංවාද පිළිබඳව සොයා බැලීමක් සිදු කරන්නේ නම්, අදාල සැකකරුවන් සහ වනජීවී දෙපාර්තුමේන්තුවේ ඉහල පෙලේ නිලධාරීන් සමග පැවති සබඳතාවයද හෙළි කර ගැනීමේ හැකියාවක් පවතින බවත් කිව යුතුමයි..

මිහිඳු ෆොන්සේකා.

[fbvideo link=”https://www.facebook.com/SaveElephantsInSriLanka/videos/790034354516015/” width=”500″ height=”400″ onlyvideo=”1″]

 

Related posts

ඔරුගොඩවත්ත මංසන්දියෙන් බේස්ලයින් මාර්ගය අවහිර වෙයි

colombotoday

අල්ලස් ඉල්ලපු වනාතවිල්ලුවේ OIC ට වැඩ වරදී

colombotoday

හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

colombotoday

රිෂාඩ් බදුර්දීන් පාර්ලිමේන්තු ගෙන්නන්න එපා. | ඇමති වීරසේකර කතා නායකගෙන් ඉල්ලයි.

colombotoday

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday

ස්විස් කෝලම පත්තුවෙයි. තානාපති කාර්යාලයේ සේවිකාව අත්අඩංගුවට

colombotoday