Colombo Today Local News

අවුරුදු 10න් රට දියුණු කරන්න බොදු බල සේනාවෙන් සැලැස්මක් !

වසර  10කින් රට දියුණු කිරීම අරමුණු කරගනිමින් ප්‍රතිපත්තිමය කරුණු පදනම්  කරගනිමින් විවිධ පාර්ශව සමග සංවාදයකට එළඹීමට කටයුතු කරමින් සිටින බව බොදු බල සේනා සංවිධානය පවසනවා.

මේ පිළිබදව එම සංවිධානය 2017. 11. 05 වන දින නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

වසර 10කින් අපේ රට දියුණු කිරීමට සිතමු, එක්වෙමු, නැගිටිමු..

වසර 10 ක් තුල අපේ රට දියුණු කල හැකි බව පිළිගන්නා හා එයට සමාජ නායකත්වයක් සැපයිය හැකි බව පිලිගනු ලබන බොදු බල සේනා ඒ අනුව සියලු පාර්ශව සමග සාකච්චා කරන බව මීට පෙර පැහැදිලිව නිවේදනය කරන ලදී. මෙම සාකච්චාවන් මූලිකව අපේ රට දියුණු කිරීම පිලිබඳ ප්‍රතිපත්තිමය කරුණු මිස ඕපාදූප නොවේ.

මූලාශ්‍රය –

සංහිදියාවට සියලු පාර්ශව වල සහභාගිත්වය හා විශේෂයෙන් ගැටුම් වලට සම්බන්ද පාර්ශව එක් විය යුතු බවත් පිළිගන්නා බොදු බල සේනා මෙම සියලු සාකච්චා බ්‍රේකින් නිව්ස් වාර්තාකරණයට ලක්වියයුතු අශ්ව ධාවන තරගයක් නොවන බව සලකනු ලැබේ.

සංවිධානයකට හෝ පුද්ගලයකුට බොදු බල සේනා සමග සාකච්චා කිරීමට 0773218677 අංකයට කතා කල හැක..ඕනෑම පාර්ශවයකට මෙම සාකච්චා වලට අතරමැදි වී සම්බන්දතා ඇති කිරීමට විවෘතය.

මෙවන් පරිසරයක් තුල බොදු බල සේනා හෝ එහි නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සමග යම් එකගතාවයකට එලඹ් ඇති බව ප්‍රකාශ කිරීම ඒ පුද්ගලයින්ගේ පරිණතභාවයේ අර්බුදයකි.

මේ.නිසා විවිධ ප්‍රකාශ සිදුකරම්න් බොදු බල සේනා හා ඤාණසාර හිමි යම් එකගතා වලට එලඹුන බව ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් කරන කටයුතු පිලිබඳව අපගේ අනුකම්පාව ප්‍රකාශ කරමු.

බුද්ධ ධර්මය අනුව සාමය හා දියුණුවට මග පාදන සාකච්චා වලට සම්බන්ද වීම අපගේ ප්‍රබලත්වය හා ශ්‍රෙෂ්ඨත්වයයි. මෙම සාකච්චාමය ප්‍රවේශය අපගේ දුර්වලකමක් ලෙස සැලකීම හුදෙක් අදාල පාර්ශව වල මානසික ගැටලුවක් පමණි.

යමෙක් ගැටුම් නිරාකරණයේ දී ජයග්‍රහකයින් හෝ පරාජිතයින් සෙවීම සිය අධ්‍යාපනයේ අර්බුදයකි.

සාමය හා දියුණුව සදහා වූ මෙම දීර්ඝකාලීන හා උපායමාර්ගික ගමනේදි කෙටි කාලීන වීරයන් බිහිකර විහිලුවක් වීමට බොදු බල සේනාවට අපේක්ෂාවක් නොමැත.

අපගේ රටේ ඒකීයභාවය, බුද්ධශාසනය ආරක්ෂා කිරීමට හා දියුණුව වෙනුවෙන් කැපවෙමු.

 

Let’s Rethink, Work and Stand together to develop our country within 10 Years..

Bodu Bala Sena Statement
5 November 2017

Bodu Bala Sena strongly believes that our country can be developed within 10 years and we have the capacity to provide the social leadership required. Therefore we have started discussions and meetings with various parties and declared it previously. These discussions are mainly focusing National Policies requird by our nation for it’s future development and not gossip .

BBS believes that coexistence is an all inclusive process where all parties and specifically parties involved in the conflict should be consulted and all such discussions should not be treated as a Horse Race whare it should be reported with breaking news.

Anyone or groups are invited to initiate such discussions or dialog with BBS and we invite any party to mediate if they wish . We can be reached on 0773218677.

In such background if anyparty jumps and make statements on public media saying that BBS or Its leader Ven Gnanasara Thero have come to any agreement with them shows the immature nature of such groups.

So we have no option other than just convey our sympathies to such parties .

Facilitating and involving in discussions and dialogs focusing peace and development according to Buddha Dharma show only our Greatness and Stronger Character.
If anyparty considers this approach of dialog and consensus as our weakness it is mearly a.mental issue of such groups.

Seeking winners and losers in Conflict Resoluion is a problem of education level of such groups.

BBS does not want to be a joker in producing any short term heroes in this long and strategic journey towards peace and development.

Let’s dedicate to protect the unitery status of the Country and Buddhashasana and ensure the development of the nation.

 

Related posts

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

colombotoday

බහුවාර්ගික ත්‍රෛභාෂා පාසලකට පොළොන්නරුවේදී මුල්ගල් තැබේ !

colombotoday

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වෙයි

colombotoday

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

Admin

කාන්තන්කුඩි පොලීසියේ නිලධාරියෙක් ඝාතනය කෙරේ

colombotoday