Colombo Today Local News

දරුවන් බේරා ගන්න ගිය පොලිස්‌ නිලධාරියා සැඩ පහරට බිලි

මාදම්පේ ගල්මුරුව ප්‍රදේශයේ දියේ ගිලෙමින් සිටි කුඩා දරුවන් ඇතුළු පිරිසක්‌ බේරා ගැනීමට උත්සාහ කළ මාදම්පේ පොලිසියේ නිලධාරියකු සැඩ පහරට හසුව ගසාගෙන ගොස්‌ මරුමුවට පත් වී ඇත. ඊයේ (25 වැනිදා) පෙරවරු 11.00 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ මාදම්පේ පොලිසියට අනුයුක්‌තව සිටි 29 හැවිරිදි ඒ. සම්පත් නමැති පොලිස්‌ කොස්‌තාපල්වරයෙකි.

මියගිය පොලිස්‌ නිලධාරියා ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි අවිවාහකයකි.

බිංගිරිය ප්‍රදේශයේ වැවක පස්‌ බැම්ම බිඳී යැමෙන් පසු මාදම්පේ ගල්මුරුව ප්‍රදේශය ජලයෙන් යටවී ඇත. ගල්මුරුව ගල්වළ පාර ප්‍රදේශයේ නිවසක කුඩා දරුවන් ඇතුළු පිරිසක්‌ කොටුවී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ එහි ගොස්‌ තිබේ.

මේ අවස්‌ථාවේ පොලිස්‌ කොස්‌තාපල් සම්පත් මහතා ජලයේ කොටු වී සිටින දරුවන් ඇතුළු පිරිස බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු ජල පහරට හසු වී ගහගෙන ගොස්‌ ඇත.

පොලිස්‌ නිලධාරියා බේරා ගැනීමට මාදම්පේ පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

පොලිසිය, නාවික හමුදාව සහ යුද හමුදාව පැය කීපයක්‌ තිස්‌සේ කළ මෙහෙයුමකින් පසු පොලිස්‌ නිලධාරියාගේ සිරුර සොයා ගැනීමට හැකි විය.

හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි කුමාරපේලි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ පැවැත්වෙයි.

Related posts

ගානියාගේ පැහැර ගැනීමේ නාටකය: කෙප්ප සියල්ල මුල සිට හෙළිවේ

colombotoday

ගම් දෙකක ගුටි කෙළියක්… 23ක් රිමාන්ඩ්

Admin

විදුලි සෝපානයට හිස සිරවී එක් දරු පියෙක් මිය යයි

colombotoday

මුස්ලිම් පල්ලි තුල සිදු කෙරෙන සමූහ සත්ව ඝාතන වකුෆ් සභාව විසින් තහනම් කරයි.

colombotoday

රට පාලනය කරන්නේ ආණ්ඩුවද? පාතාලයද? – ඤාණසාර හිමි

colombotoday

සනීපාරක්‍ෂක තුවා අත්‍යඅවශ්‍ය භාණ්ඩයක් කරන්න. ආණ්ඩුවට පැන්න ඩයනා ඉල්ලයි.

colombotoday