Colombo Today Local News

‘නව ව්‍යවස්ථාවක් එපා‘ – මහානාහිමි මතය සමග ශ්‍රීලනිපයත් හිටගනී !!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මහා නාහිමිවරුන් දරණ මතයට සමාන මතයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිටින බව නිපුනතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

නව ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් මහානාහිමිවරුන්ගේ උපදෙස් මත පමණක් ශ්‍රීලනිප ය කටයුතු කරන බවද අද, කොළඹ බන්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේය.

මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන්ගේ උපදෙස් මත පසුගියදා රැස්වූ උභය විහාරීය කාරක සංඝ සභාව “නව ව්‍යවස්ථාවක් එපා, සංශෝධනත් එපා“ යැයි ඒකමතිකව තීන්දු කළේය.

ඇමතිවරයාට අනුව ශ්‍රීලනිපයේ මතය ද එයම වනවානම් නව ව්‍යවස්ථාව සම්මත කරගැනීම සදහා එජාපය, ජවිපෙ හා දෙමළ සන්ධානය එකතු වුවද පාර්ලිමේන්තුවේ 2/3 බලය අහිමි වේ.

Related posts

Video: හර්ෂ ද සිල්වා සහ ජනක රණවක කෝට්ටේ ගැටුමක

colombotoday

සනත් නිශාන්ත, මිලාන් ජයතිලක සහ ඩෑන් ප්‍රියසාද්‌ ජංගම දුරකතන CID භාරදෙන තෙක් අධිකරණයේ රඳවා ගැනේ

colombotoday

ලංකාව – මාලදිවයින අතර සහයෝගීතා ගිවිසුමකට එළඹීමට අනුමැතිය

Admin

ආර්ථික වර්ධනය 1.6%ට පල්ලම් බහී…

colombotoday

කෙසෙල්වත්ත පවාස් ඝාතනය : සැකකරුවන් හතරක් අල්ලයි

colombotoday

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin