Colombo Today Local NewsHot News

Video: හර්ෂ ද සිල්වා සහ ජනක රණවක කෝට්ටේ ගැටුමක

ජනක රණවක දුෂිතයෙක් – හර්ෂ
කෝට්ටේ එජාප පාක්ෂිකයන් හර්ෂ එළවීමට සුදානමින් – ජනක

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා විසින් කෝට්ටේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පුරපති අපේක්ෂක ජනක රණවක වෙත බරපතල වංචා දුෂණ පිලිබදව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මුලික කරගනිමින් අන්තර් ජාල මාධ්‍ය ඔස්සේ ගැටළු කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.

එම වීඩියෝව මගින්, වැරදි ක්‍රියාවන් සිදුකිරීම සම්බන්දයෙන් රණවක ආරච්චිගේ දොන් ජනක යන පුද්ගලයාට එරෙහිව අපරාධ නඩු ගොනු කල යුතු බව කොමිෂන් සභා වාර්තාවේ තිබෙන බවත් මේ ගැටලුව නිරාකරණය කර ගන්නේ කෙසේදැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රශ්න කර තිබුනා.

එම ප්‍රකාශය සඳහා පිළිතුරු ලබා දුන් ජනක රණවක මහතා, වැදගත් ඇමතිවරයෙක්නම් රුපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට පැමිණ එම චෝදනා කරන ලෙසත් ඊට තමන් පිළිතුරු ලබාදීමට සුදානම් බවත් ප්‍රකාශ කර සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ නගන චෝදනාවලට තමන් නිර්දෝෂී බවත් ඔහු අවධාරණය කර සිටියා.

නියෝජ්‍ය අමාත්‍ය හර්ෂට විරුද්ධව නිදහස් පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ තමන් බව දැනගෙන මෙම චෝදනා කරමින් තමන්ට මඩ ප්‍රහාර එල්ල කරන බවත් කෝට්ටේ එක්සත් ජාතික පාක්ෂිකයන් අමාත්‍ය හර්ෂද සිල්වා එළවීමට සුදානමින් සිටින බවත් ජනක රණවක මෙහිදී ප්‍රකාශ කර සිටි අතර මුහුණට මුහුණ සාකච්චාවකට ඔහු නියෝජ්‍ය අමාත්‍යවරයාට අභියෝග කර සිටියේය.

Related posts

ඉස්ලාමය ව්‍යාප්ත වුණේ කඩුවෙන් මිස දේශනාවෙන් නොවේ…!

colombotoday

චීනය ණය දීම අත්හිටුවයි.. මධ්‍යම අධිවේගයේ වැඩ මග නවතී !

colombotoday

“වෙනත් බලවේග හැදුවොත් තරාතිරම නොබලා ශ්‍රීලනිපයෙන් නෙරපනවා” – සන්ධාන මහලේකම්

colombotoday

අමරදේවයන්ගේ දේහයට නිදහස් චතුරස්‍රයේදී හරසර

colombotoday

අඹු-සැමි යුවළක් තරුණයෙක්ට නිරුවත් කර පහරදෙයි

colombotoday

යන්තන් ඉන්ධන නැවක් නිදහස් කර ගනී

colombotoday