Colombo Today Local News

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන්ට ආණ්ඩුවෙන් අල්ලස්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ට පමණක් රජයෙන් අලුතින් මිලියන හැටක ධනයක් ලැබී ඇති බවත් ඊට අමතරව රජයෙන් තීරු බදු රහිත මිලකට සුඛෝපභෝගී මෝටර් රථයක් ලැබී ඇති බවත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්දසංගරී මහතා පවසයි.

කිළිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියකදී මෙම අදහස් පලකළ ආනන්ද සංගරී තමා මේ කාරණ ප්‍රකාශය අසත්‍යක්නම් ඊට අභියෝග කරණ ලෙසත් ඉල්ලා සිටියේය.

සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ බොහෝ මන්ත්‍රීවරු ජීවත් වන්නේ රජයෙන් ලැබෙන අල්ලස් මුදලින් බව පවසන ආනන්ද සංගරී මහතා ජනතාව රවටා ඔවුන් රජයේ මුදල් පමණක් නොව විවිධ තාන්න මාන්නද ලබා ගන්නා බව කියා සිටියේය.

සුමන්තිරන් මන්ත්‍රීවරයාට ජනාධිපති නීතිඥ ධූරයල් ලැබීම මේ සඳහා දිය හැකි හොදම උදාහරණය බව කී ආනන්ද සංගරී උතුරේ ඔහුට වඩා දක්ෂ පරිණත හා ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් සිටියදී සුමන්තිරන්ට පමණක් ජනාධිපති නීතිඥධූර ලැබුණේ ඔවුන් යටින් රජය සමඟ වෙනම දේශපාලන ගණුදෙණුවක් කරගෙන යන නිසා බවද කියා සිටියේය.

Related posts

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද

colombotoday

හඳුනානොගත් පුද්ගල මළ සිරුරක් ඇළක තිබී හමුවෙයි

colombotoday

කූට ජාවාරම්කාරයෝ ලොවම ඉදිරියේ ලක්මව හෙරක් කරවති…

colombotoday

සෞඛ්‍ය ලේකම් ඉල්ලා අස්වෙයි

Admin

ශිෂ්‍යත්වය අහෝසි කරනවාට ගුරු සංගම් හරහට හිටී…

colombotoday

යතුරුපැදි හිමිකරුවන්ට පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday