Colombo Today Local News

මාස තුනකට වරක් විදුලි ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය

විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස තුනක් ලෙස සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ අනුව විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස හයක් වශයෙන් තීරණය කර ඇති අතර එයින් ජනතාවට මුහුණ පෑමට සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ඉහත තීරණය ගත් බව රජය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ බලශක්ති යැවුම් විගණන ක්‍රියාත්මක කිරීමට සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතුව ජලවිදුලි පුරෝකතන ශක්තිමත් කිරීමටත් හැකිවන පරිදි දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශන සංශෝධනය කිරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව මෙලෙස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related posts

කොටි සැකකරුවන් අදියරෙන් අදියර නිදහස් කරනවා – ජනපති විග්නේෂ්වරන්ට පොරොන්දු වෙයි

colombotoday

ප්‍රවීන රංගධර ජයලත් මනෝරත්නයන් දිවි රගමඩලට සමු දෙයි !

colombotoday

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

පොලිසියේ 3ක් ඇතුළු 4කට නීතිය ක්‍රියාත්මක කර නෑ… ශානිට එරෙහිව පැමිණිල්ලක්!

colombotoday

යෝෂිත අත්අඩංගුවට ගැනීමට ඩීඅයිජී අනුර දිසානායක කළ මෙහෙයුම ගැන විමල් කියයි

colombotoday