Colombo Today Local News

පාසල් සිසු උද්ඝෝෂණ තහනම් කෙරේ

පාසල් කාලය තුළ සිසුන් උද්ඝෝෂණවලට සහභාගි කරවා ගැනීම සහ බාහිර පුද්ගලයන් හෝ කණ්ඩායම් අවසරයකින් තොරව පාසල්වලට
ඇතුළු වීම, එලෙස ඇතුළු වී සිසුන් ඇමතීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ චක්‍ර‍ලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ හෝ පළාත් අධ්‍යාපන ‍ලේකම්වරුන්ගේ හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ විශේෂ අවසරයකින් තොරව පාසල්වල කිසිදු රැස්වීමක් හෝ සාකච්ඡාවක් නොපැවැත්වීමට වගබලා ගන්නා ලෙස සියලු පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබා දෙන ලෙස එමගින් දැනුම් දී ඇත. එම උපදෙස් නොපිළිපැදීමෙන් ඇතිවන කවරාකාරයක අර්බුදකාරී තත්ත්වයකට වුවද අදාළ පාසල්වල විදුහල්පතිවරු පෞද්ගලිකවම වගකිව යුතු බවත් එමගින් දැනුම් දී ඇත.
රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමට එරෙහිවත්, වෙනත් අන්තගාමී මතවාද පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමටත් ඇතැම් පුද්ගලයන් හා සංවිධානාත්මක කණ්ඩායම් විසින් කටයුතු කරන බවට හා එමගින් සිසු ඉගෙනුම් ක්‍රියාවලියටත්, විනයටත් බාධාවක් වන බවට මව්පියන් විසින් කරන ලද පැමිණිලි මත අධ්‍යාපන අමාත්‍යාංශය මෙම චක්‍ර‍ලේඛය නිකුත් කර තිබේ.

Related posts

පියා පුතුව දැලිපිහියෙන් කපලා

Admin

වී මිල කිලෝවක් රු. 28යි – බුලත් විටක් රු.30 යි

colombotoday

ග්‍රහලෝකාගාරය තාවකාලිකව ප්‍රදර්ශණ නවත්වයි

Admin

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

ශරීර උණුසුම ඉහළ ගිහින්… ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday

විශ්වවිද්‍යාල සිසුවෙක් අතුරුදන්

colombotoday