Colombo Today Local News

පියා පුතුව දැලිපිහියෙන් කපලා

පස්සර ගෝනකැලේ වත්තේ දී සිය 18 හැවිරිදි පුතා දැලිපිහියකින් කැපූ පියෙකු අද (9)දින සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පස්සර ගෝනකැලේ වත්තරේන්දපොල පදිංචි 49 හැවිරිදි සිව්දරු පියකු යැයි පස්සර පොලිසිය පවසයි.

පියා විසින් දැලිපිහියකින් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබු 18 හැවිරිදි පුතා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවූ බවද පොලිසිය කියයි.

දැලිපිහියකින් කපා දැමීමෙන් මොහුගේ වම් අතට සහ උදරය ප්‍රදේශයේ බරපතළ කැපුම් තුවාල සිදු වී ඇති බවත් රෝහල් ප්‍රකාශයකු සදහන් කරයි.

නිවසේ ඇතිවූ ආරවුලකදී පියා මෙලෙස පුතාට දැලි පිහියකින් පහරදී බරපතල තුවාල සිදු කර ඇතැයි තොරතුරු අනාවරණය වු බව පොලීසිය පවසයි.

Related posts

ජනපති සහ බ්‍රිතාන්‍ය හිටපු අගමැති අතර හමුවක්

Admin

ඉන්දියාවෙන් තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක්

colombotoday

බොගස්වැව යුධ හමුදා කදවුරේ සෙබලාට පහරදි ගිනි අවිය පැහැරගත් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ඉන්ධන සහනාධාර ලැබෙන තෙක් පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙයි

colombotoday

මඩවල කැටවල අරාබි පාසල විවෘත කිරීම තාවකාලිකව නතර කෙරේ

colombotoday

කැබිනට් මණ්ඩල සංශෝධනයක්… කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?

colombotoday