Colombo Today Local News

මඩවල කැටවල අරාබි පාසල විවෘත කිරීම තාවකාලිකව නතර කෙරේ

මඩවල කැටවල වසා දැමූ අරාබි පාසල අද 06දා යළි විවෘත කිරීමට සූදානම් වුවත් එම පාසල යළි විවෘත කිරීම තාවකාලිකව නතර කිරීමට මාතලේ ප්‍රාදේශීය සභාව ඊයේ 05දා තීරණය කළාය. සභාපති කපිල බණ්‌ඩාර හීන්දෙනිය මහතාගේ (ශ්‍රීලංපො.පෙ) ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ප්‍රාදේශීය සභාව රැස්‌විය. මෙම පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් මඩකලපුව, කල්මුනේ වැනි ප්‍රදේශවල පදිංචිකරුවන් බව පැවසූ මන්ත්‍රීවරු විදුහල්පති අම්පාරේ බව පැවසූහ.

එක්‌ දහම් පාසල් ගොඩනැගිල්ලක්‌ ඉදිකිරීමට ප්‍රාදේශීය සභාව අවසර දුන්නත් තවත් ගොඩනැඟිලි ඉදිකර ඇතැයි සභාපතිවරයා පැවසීය. මෙම අරාබි පාසල පවත්වාගෙන යැමට තමා අත යට සන්තෝෂම් අරගෙන ඇතැයි දේශපාලන විරුද්ධවාදීන් තමාට තේ කඩ ගානේ මඩ ප්‍රහාර එල්ල කරන බවද ඔහු සඳහන් කළේය.

මාතලේ ප්‍රාදේශීය ලේකම් ලංකා ප්‍රියානි මධුවන්ති මහත්මිය කොන්දේසි සහිතව පාසල යළි විවෘත කිරීමට අවසරදී ඇතත් ජනතාව බියෙන් පසුවන බව සභාපතිවරයා පැවසීය. විපක්‌ෂ නායක ගාමිණි කොස්‌තා මහතා (එජාප) අරාබි පාසල විවෘත කරන්න දේශපාලකයන් අවසරදී ඇත්තේ බල අරගලයට අවශ්‍ය ඡන්ද එකතු කරගන්න යෑයි චෝදනා කළේය

Related posts

‘ලක්විජය’ බලාගාරයේ බිඳවැටුණු තුන්වැනි විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

බහුජාතික සමාගමකට එරෙහිව ජනපති අභීත සටනක.. නෙස්ටමෝල්, නෙස්කැෆේවලත් තරම මෙන්න

colombotoday

අමිත් වීරසිංහට පහර දුන් ඖෂධ සංයෝජක අත්අඩංගුවට

colombotoday

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

ලංකාවට පන්නන්න හැදූ කෝටි 110ක මත්ද්‍රව්‍ය සමග 2ක් තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට

Admin

ජීවිත දෙකක් බිළිගත් මට්ටක්කුලියේ බිහිසුණු අනතුර

colombotoday