Colombo Today Local News

බහුජාතික සමාගමකට එරෙහිව ජනපති අභීත සටනක.. නෙස්ටමෝල්, නෙස්කැෆේවලත් තරම මෙන්න

ලෝක දියවැඩියා දිනයේදී මෙරට ක්‍රියාත්මක බහුජාතික සමාගමකට එරෙහිව ජනාධිපතිවරයා  සිදුකල ප්‍රකාශයට සිය ආචාරය පුද කරන බව පාරිභෝගික අයිතීන්  සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

ජනාධිපතිතුමනි

ලෝක දිය වැඩියා දින පා ගමනේදී ඔබ තුමා විසින් සිදු කරන ලද අභීත ප්‍රකාශයට අචාර කිරීම.

2017 නොවැම්බර් මස 11 වන දින ලෝක දියවැඩියා දිනයේදී මෙරට බහුජාතික සමාගමකට එරෙහිව ඔබතුමා විසින් නැගූ අභීත හඩට ප්‍රථමයෙන් සමස්ත පාරිභෝගිකයින්ගේ අචාරය හිස නමා පිළි ගන්වමු.

උක්ත බහුජාතික සමාගමේ නිෂ්පාදනයන් සමග සටන් කිරීම කුරිරැ එල්. ටී. ටී සංවිධානය සමග වසර 33 ක් කල සටනට නොදෙවෙනි වන අතර ඔබතුමා ඊයේ දිනයේ අරඔපු එම සටනට අප සුභ පතනවා පමණක් නොව එම සටන හා අප එක්වන බවද සතුටින දන්වා සිටිමු.

ඔබතුමා සදහන් කළ පරිදි මයිලෝ කිරිපැකට්ටුවේ සීනි ප්‍රතිශතය 16.5% ක් වන අතර නෙස්ටමෝල්ට් පානයේ අඩංගු සීනි ප්‍රතිශතය 40% ක් වන අතර නෙස්  කැෆේ පානයේ අඩංගු සීනි  ප්‍රතිශතය 46% කි. එපමණක් නොව නෙස්ලේ එවරිඩේ පානයේ අඩංගු සීනි පමාණයේ ප්‍රතිශතය 19.6 කි. ඔබතුමා විසින් සදහන් කල පරිදි නෙස්ලේ සමාගම පාරිභෝගිකයින් නොමග යවමින් ඇසුරැම සකසයි. නෙස්ටමෝල්ට් දවටනයේ ඉතා කුඩාවට නෙස්ටමෝල්ට් පානය කිරීමට ඔවුන් නිර්දේශ කරන ප්‍රමාණය සදහන් කර ඇත.

1980 ආහාර පනත අනුව ආහාර පිළිබද නිසි බළධාරියා වන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් වරයාව අප මේ සම්බන්ධයෙන් දැනුවත් කලද එතුමා ඒ පිළිබදව කිසිදු  ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතසෞඛ්‍ය ඇමතිවරයාද මේ පිළිබදව මුනිවත රකින අතර ඔබතුමා මෙරට ජනතාව වෙනුවෙන් යම් සටනක් කොට ජයගත් විට එම ජයග්‍රහණය තම ගිණුමට දමා ගැනීම පමණක් සෞඛ්‍ය ඇමතිවරයා කටයුතු කරනු ලබන බව අපට පැහැදිලිය. දුම්කොළ සමාගමට එරෙහි ඔබතුමා කල සටන එයට කදිම උදාහරණයකි.

ඔබතුමා මීට පෙර සදහන් කළේ මෙරට ඇමතිවරැ කිරිපිටි සමාගම් වලින් මුදල් ලබා ගන්නා බවයි. 2017 එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි පැවැති බක්මහ උළෙල සදහා නෙස්ලේ සමාගමේ අනුගය ලබා ගන්නා ලද්දේ අනෝමා ගමගේ මහත්මියයි. ඒ අනුව ඔබතුමා විසින් කරන ලද චෝදනාව වලංගු වන්නේ කාටද යන්න අප තවම සොයමින් සිටී.

කෙසේ වුවත් නෙස්ලේ සමාගමෙහි වෙබ් අඩවියේ ඔබතුමා විසින් නෙස්ලේ ආයතනය වෙත ගොස් අත්සන යොදන ඡායාරෑපයක් මෑතක් වන තුරැම ප්‍රදර්ශණය කරන ලදී.

කෙසේ වෙතත් අදාල සමාගමෙහි නිෂ්පාදන වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් අප සංවිධානය විසින් මීට කලකට පෙර ආරම්භ කරන ලද අතර පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා වශයෙන් අදාල නිෂ්පදාන පිළිබදව මහජනයා දැනුවත් කරමින් 2017 ලෝක පාරිභෝගික දිනය යෙදුනු මාර්තු 15 වන දා පාරිභෝගික අයිතියට මගක් කෘතිය මා විසින් ලියා එළි දක්වන ලදී. එහි මයිලෝ නිෂ්පාදනය පිළිබදවද මා විසින් සදහන් කර ඇත. 2015 දී අධ්‍යාපන අමැතිවරයා විසින් නිකුත් කරන ලද චකලේඛණයක් මගින් පාසැල් ආපනශාලා තුළ චොක්ලට් පානයන් අලෙවි කිරීම තහනම් කලද තවමත් පාසැල් ආපනශාලා තුළ මයිලෝ පානය අලෙවි කරමින් සිටී.

මෙරට පාරිභෝගිකයා නොමග යවන මෙවැනි නිෂ්පාදන පිළිබදව ඉදිරියේදී ඔබතුමා දැනුවත් කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙමි.

මයිලෝ නිෂ්පාදනය පිළිබදව ඔබතුමා කළ ප්‍රකාශය පිළිබදව පාරට බැස පාරිභෝගිකයින් දැනුවත් කිරීමට අප කටයුතු කරන අතර මසක් ඇතුලත මයිලෝ පානයේ සීනි  ප්‍රතිශතය 5.5% කිනි අඩු කිරීමට නොහැකි වුවහොත් ඔබතුමා ගනු ලබනවායැයි කී ක්‍රියාමාර්ගය නෙස්ලේ සමාගම හා සම්බන්ධකම් පවත්වන අමාත්‍යවරැන්ගේ හා වෙනත් පුද්ගලයින් නිසා වෙනස් නොකරන ලෙසද සත්‍ය ඉදිරියේ නිවරදිව පාරිභෝගිකයින් වෙනුවෙන් පෙනී සිටීමට ඔබතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවායයිද අප පාර්ථනා කරමු.

ස්තුතියි,මෙයට,
රංජිත් විතානගේ
සභාපති

Related posts

3D කණ්ණාඩි ගැන අගමැතිගෙන් නියෝගයක්…

colombotoday

ගෝඨාට එරෙහිව කොටිත් ඇමරිකාවේදී සිවිල් නඩු ගොනු කරයි. ගෝඨාගමනය නැවත්වීමට හැකි තුරුම්පු සියල්ල ගසයි

colombotoday

ප්‍රදේශයේ ලියාපදිංචි නැති වාහනවලට තෙල් දෙන්නේ නැහැ

colombotoday

පසුගිය පැය 24 ට නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට පත් ප්‍රමාණය මෙන්න

colombotoday

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

සිරස මාධ්‍යවේදීන්ට පහර දීම : පොලිස් විශේෂ කාර්ය බලකායේ SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

colombotoday