Colombo Today Local News

3D කණ්ණාඩි ගැන අගමැතිගෙන් නියෝගයක්…

ත්‍රීමාන කණ්‌ණාඩි භාවිත කරමින් චිත්‍රපට නැරඹීමේදී එම කණ්‌ණාඩියට අයකරන මුදල වහාම නැවැත්වීමට කටයුතු කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චිත්‍රපට සංස්‌ථාවේ සභාපතිවරයාට ඊයේ (27 දා) උපදෙස්‌ දී තිබේ.

ත්‍රීමාන චිත්‍රපට ප්‍රදර්ශනය කරන ඇතැම් සිනමා ශාලා හිමියන් චිත්‍රපටය නැරඹීමට ලබාගත යුතු ත්‍රීමාන කණ්‌ණාඩි සඳහා අමතර මුදලක්‌ අයකරන බවට ලැබුණු පැමිණිලි සලකා බලා අගමැතිවරයා විසින් මෙම පියවර ගෙන තිබේ.

යම්කිසි සිනමාහලක්‌ ත්‍රීඩී චිත්‍රපට නැරඹීමට ත්‍රීඩී කණ්‌ණාඩි ලබා දෙන්නේ නම් එයට අයකරන මුදල ටිකට්‌පතේ සටහන් නොකරන බවට පැමිණිලි ලැබී තිබෙන බවට සභාපතිවරයා දැනුවත් කර ඇති අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙසටද දැනුම් දී ඇත.

Related posts

සිරගත කිරීමට මොහොතකට කලින් මහ ගාලගෝට්ටියක් මැද ඤාණසාර හිමි කියපු දේ

colombotoday

පාතාලයෙන් වෙඩි පිට වෙඩි.. අද කොච්චිකඩේ.. වෙඩිතැබීමකින් අයෙක් නසී

colombotoday

අපරාධකරුවන් රැසක් අල්ලා ගත් පොලිස් “කෝරා” ජීවිතයෙන් සමුගනියි

colombotoday

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවකයින් හා එහි ආශ්‍රිතයින් 103ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනී

colombotoday

බදුල්ල විවෘත අධිකරණ කටයුතු අත්හිටුවයි

colombotoday

බොදු බල සේනා තහනම් කිරීමෙන් හොදක් වෙයි කියලා විශ්වාස කරන්නේ නෑ. | රජයේ මතය මහාචාර්ය ජී.එල් පීරිස් කියයි.

colombotoday