Colombo Today Local News

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

වර්ෂාව ලැබී විදුලිය නිෂ්පාදනය කරන ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කප්පාදු සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

මේ වන විට ජලයෙන් විදුලිය 25% ක් මේ දිනවල නිෂ්පාදනය කරන බව එහි සාමාන්‍යාධිකාරි ඩී.සි.ආර්. අබේසේකර මහතා සඳහන් කරයි.

නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවෝට් 900 ම ජාතික විදුලි පද්ධතියට එක් කෙරෙන බව සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

අනෙකුත් බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් මේ දින වල ලැබෙමින් පවතින බව ද ඔහු සඳහන් කරයි.

Related posts

ඩොලර් බිලියනයක ණය ගිවිසුමකට අත්සන් කර බැසිල් යළි දිවයිනට

colombotoday

ඉතාලියම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි… ලාංකිකයන්ටත් එරටින් පිටවීම තහනම් කෙරේ !

colombotoday

ආරච්චිකට්ටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

colombotoday

කොන්ක්‍රීට් වැඩපළක් පවත්වාගෙන යන ඉඩමකින් වෙඩි උණ්ඩ ආකරයක් සොයා ගැනේ

colombotoday

හියුමන් රයිට්ස් වොච් සංවිධානයෙන් ලංකාවට චෝදනා

colombotoday

සුනඛ පැටවුන් මෝටර් රියට යට කළ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිද අල්ලයි

Admin