Colombo Today Local News

ගෝඨාට එරෙහිව කොටිත් ඇමරිකාවේදී සිවිල් නඩු ගොනු කරයි. ගෝඨාගමනය නැවත්වීමට හැකි තුරුම්පු සියල්ල ගසයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව තම සංවිධානයද ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් ගොනු කළ බව ජත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය සඳහන් කරයි.

දමිල ක්‍රියාකාරිකයෙකු වෙන රෝයි සමධානම් පුද්ගලයෙක් ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කළ බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි.

එසේම මේ සම්බන්ධයෙන් වන නොතීසිය හිටපු ආරක්ෂක ලේකම්වරයාට පසුගිය ඉරිදා රාත්‍රියේ  බාර දි ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවරට නිවාඩුවක් ගත කිරීමට පැමිණි බව තම පෞද්ගලික කුලී විමර්ශකයන් දැන ගැනිමෙන් පසුව මෙම නඩුව ගොනු කළ බවත් ඔවුන් සඳහන් කරයි.

මෙම රෝයි සමධානම් නම් ශ්‍රී ලාංකිකයා දැනට කැනඩා ජාතිකයෙක් ලෙස කටයුතු කර කරන අතර 2007 වසරේදී ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා තබාගෙන තිබේ. පසුව ඔහු 2010 වසරේ අගෝස්තු මාසයේදී නිදහස් කර තිබේ.

Related posts

මිහින්තලා මහා සෑයට නුදුරින් ගව ඝාතකාගාරයක්

colombotoday

පවතින සහල් තොග මහ කන්නයේ අස්වැන්න ලැබෙන තුරු ප්‍රමාණවත් – කෘෂිකර්ම ඇමති කියයි

Admin

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න 3ක් අතහැරීමට තීරණය කරයි

Admin

(VIDEO) “මාව අත්අඩංගුවට ගන්න ආවේ මටත් වඩා හොරෙක්“ – නාමල්

colombotoday

දෙසැම්බර් වෙද්දි නායකත්වය භාර ගන්න මම ලෑස්තියි -රුවන්

colombotoday

අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි – චමීර පෙරේරා

colombotoday