Colombo Today Local News

හම්පඩ නායකයෙක් වෙනුවට එජාපයට ඕන තරුණ නායකයෙක් – පානදුර එජාප සංවිධායක නන්දන ගුණතිලක

එක්සත් ජාතික පක්ෂයට අද අවශ්‍ය වී ඇත්තේ හම්පඩ නායකත්වයක් නොව තරුණ නායකත්වයක් බව පානදුර නගර සභාවේ සභාපති පානදුර ආසනයේ එජාප ප්‍රධාන සංවිධායක නන්දන ගුණතිලක පවසයි.

ගුණතිලක මහතා එජාපයට පත්විය යුතු මහ ලේකම්වරයා ගැනද සඳහන් කරමින් කීවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ඇමැතිවරයෙක් නොවන බුද්ධිමත්, උගත්, ප්‍රායෝගික දැනුමක් ඇති ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි අයකු පත්කර ගත යුතු බවයි.

අප රටේ ජීවත් වන ජනතාව ගම් මට්ටමින් ආරක්ෂා කරගෙන ඔවුන්ට පොදු පහසුකම් ලබා දෙමින් ඉදිරියට යෑමට නම් එක්සත් ජාතික පක්ෂය හා නායකත්වයද සංශෝධනයකට ලක්කර ජනතාවගේ දුක සැප හඳුනන නායකත්වයක් ලබා දිය යුතු අවස්ථාව උදාවී තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් ප්‍රතිපත්තිය මත තවදුරටත් ඉදිරියට යෑමට ඡන්දදායකයන්ගේ සහයෝගය නොලැබෙන බව ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකයන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බවද නන්දන ගුණතිලක මහතා පැවැසීය.

ඔහු මෙම අදහස් පල කළේ පානදුර නගර සභාවට සහ පානදුර ප්‍රාදේශීය සභාවට එජාපයෙන් පත්වූ නවක මන්ත්‍රිවරුන් පානදුර තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේදී දිවුරුම් දුන් උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

Related posts

රඹුක්කන විරෝධතාකරුවන්ට වෙඩිතැබීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි නියෝග

colombotoday

චීනයෙන් තවත් එන්නත් මාත්‍රා මිලියන 4ක් හෙට දිවයිනට

colombotoday

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

colombotoday

‘දන්නෝ බුදුන්ගේ’ ගීතය ජාතික උරුමයක් වෙයි

Admin

තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රිමාන්ඩ්

colombotoday

ජනපති ඡන්ද සටන් පෙරමුණේ, පුංචි ඡන්දයෙන් ශ්‍රීලනිපය දිනවන බවට පොරොන්දු වෙයි.

colombotoday