Colombo Today Local News

සිරස මාධ්‍යවේදීන්ට පහර දීම : පොලිස් විශේෂ කාර්ය බලකායේ SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

News 1st මාධ්‍යවේදීන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සේවය කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර්. රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පසුගිය 9 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස අසල පැවති විරෝධතාවක තොරතුරු වාර්තාකරණයේ යෙදී සිටියදී නිව්ස් ෆස්ට් මාධ්‍යවේදීන් පිරිස පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලීසිය පහරදීමට ලක්විය.

පසුව පහරදීම්වලින් තුවාල ලැබූ මාධ්‍යවේදීන් රෝහල්ගත කිරීම සඳහා රැගෙන යාමට එම ස්ථානයට ගිය තවත් නිව්ස් ෆස්ට් කණ්ඩායමකට ද පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් අමානුෂික ලෙස පහර දුන්නේ ය.

ඒ අනුව පහර දීමේ සිදුවීමට අදාළව සහ එම පහර දීම වැළැක්වීමට කටයුතු නොකිරීම මත පොලිස්පතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබේ.

මෙම ප්‍රහාරයෙන් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 07 දෙනෙකුට තුවාල සිදුවිය.

Related posts

බම්බලපිටියේ ඩ්‍රෝන යානාවක් යැවූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

Admin

බැදුම්කර – වංචා දූෂණ විවාදය පෙබරවාරි 6

colombotoday

හිතුවක්කාර මිනිස්සු ඉන්නකන් ලොක් ඩවුන් කරලා වැඩක් නෑ ! වත්මන් තත්වය ගැන ජනපති සැරටම කියයි

colombotoday

පොලිස් ලොක්කන්ට තොරණ සංග්‍රහ තහනම් – නියෝග නොතකන නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර

Admin

‘යහපාලනයෙන්‘ බේරාගන්න, මාදුරුඔය ඉහළ රක්ෂිතයේ ගස් මහණ කරයි !

colombotoday

“එලවා දමමු දැන් රට කන මේ හැත්ත..” – ජනපති අමුතු කවියක් කියයි (Video)

colombotoday