Colombo Today Local News

කසල කළමනාකරණය අධ්‍යනයට ලොක්කො රට සවාරියේ.. රටේ ඉහළම තැනත් කුණු ගදින් පිරේ (Photo)

මීතොටමුල්ල කුණු කන්ද නාය යාමට ලක් වී මාස දෙකකට අාසන්න කාලයක් ගතවී හමාරය.ජපන් විශේෂඥ කණ්ඩායම්ද පැමිණ ශ්‍රී ලංකාවට කසල කළමනාකරනය සම්බන්ධ පාඩම් කියා දුන් අතර ඊට අමතරව මෙරට ජනතා නියෝජිතයෝද කසල කළමණාකරනය පිළිබද දැනුම එකතු කිරීමට විදෙස් ගත වූ බව අපට මතකය.එ් කෙසේ වුවද ඉහත ඡායාරූපයෙන් දැක්වෙනුයේ ඉකුත් අගහරුවාදා එනම් 2017/06/06 දින ජනාධිපති ලේඛම් කාර්්‍යයාලයේ කසල බැහැර කර තිබූ අාකාරයයි.

කසල කළමණාකරනය කිරීමේ මූලික සංකල්පයක් වන විධිමත්ව කසල බැහැර කිරීම එසේ නැතහොත් කසල වර්ගීකරණය කිරීම යන පියවරවත් අනුගමනය නොකර තිබීමෙන් පැහැදිළි වන්නේ මේ වන තෙක් කසල කළමනාකරණය සම්බන්ධව කිසිදු වැඩ පිළිවෙලක් අාණ්ඩුවට නොමැති බවයි.එ්ත් සමගම ජනතා මුදල් භාවිත කරමින් කසල කළමණාකරනය දැනුම රැස් කිරීමට විදෙස් ගත වූ ජනතා නියෝජිතයන් “බොර දියේ මාළු බෑම” නම් සිංහල කියමන තෘප්ත කරේදැයි යන උභතෝකෝටික ප්‍රශ්නය ජනතාව ලෙස අපට පැන නැගීම අසාධාරණ නොවන්නේය.

මෙසේ සිදුවන අවිදධිමත් කසළ බැහැර කිරීම හේතුභූත කොට ගෙන ජීවිත විශාල සංඛයාවක් මේ වන විටත් විනාශ වී හමාරය. තව දුරටත් මේ සදහා නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීමෙන් තවත් අති විශාල ජීවිත හානි සිදුවිය හැක.මේ මිනිසුන්ගේ ජීවිත වලට වටිනාකමක් නැතිද? රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිත සම්බන්ධයෙන් අාණ්ඩුව දරන්නේ මෙවැනි ස්ථාවරයක්ද?මේ නිහැඩියාවෙන් සියල්ල පැහැදිළිය.

අවිධිමත් කසල බැහැර කිරීම නිසාවෙන් එ් ප්‍රදේශ අාශ්‍රිතව සෞඛ්‍යමය සහ සමාජීය ගැටළු රාශියක් අැති වේ.ඩුබායි හි Global Energy Services අායතනය පෙන්වා දෙන පරිදි මීතොටමුල්ල කුණු කන්ද අාශ්‍රිතව ජීවත් වන්නවුන්ගෙන්, 75% ක් සා.පෙළින් පසුව පාසල් අධ්‍යාපනය නතර කරන අතර 1%ක් පමණක් එම ප්‍රදේශයෙන් විශ්ව විද්‍යාල වරම් හිමි කර ගනී.තවද,කුඩා ළමුන්ගෙන් 90% චර්ම හා ශ්වසන අාබාධ අැති අතර,කාන්තාවන් සහ ළමුන්ගෙන් 60% ක් අාමාංශික අාබාධ වලිනි පෙලේ.තත්වය මෙසේ තිබියදී,කසල කළමණාකරනයට විසදුම් සොයනවා වෙනුවට මුතුරාජවෙල වගුරැබිම වැනි පරිසර චක්‍රයට අාවශ්‍යය ස්වභාවික ස්ථාන කසල බැහැර කිරීමට තෝරා ගැනීමම අාණ්ඩුවේ අදූරදර්ශීභාවය පෙන්නුම් කරයි.

කුණු කන්දක් නාය යාමෙන් ජීවිත විනාශ වීමම, රටක් වශයෙන් අප ලැජ්ජා විය යුතු කාරනයක් වන අතර තවම කසල කළමණාකරනයට වැඩ පිළිවෙලක් නොමැති වීම විලිලැජ්ජා සහගතය.පශ්චාත්භාගය පොළවෙ ගසා ගැනීමට සිත් වනුයේ රටේ ජනාධිපතිවරයා පරිසර අමාත්‍යවරයා වීමය.

මෙම ජීවිත හානි සදහා වගකිව යුත්තන් මෙන්ම රටේ ජනතාව ලෙස ඔබ සහ මමද වගකිව යුතුය.අවම වශයෙන් ව්ධිමත්ව/වර්ගීකරණය කර කසල බැහැර කරීමට අප වගබලා ගත යුතුය.

බුකියේ කවියන්,දාර්ශනිකයින්, දේශපාලන විචාරකයින්, විප්ලවවාදීන් එමට අැත.බුකියේ දාර්ශනිකයනි,කවියනි, වරාය නගරය,විල්පත්තු විනාශය,අවිධිමත් කසල බැහැර කිරීම වැනි සියළු පාරිසරික විනාශයන්ට එරෙහිව විරෝධය මහපොළවේ නැගිය යුතු කාලය එළඹ අැති බව පසක් කිරීමට කැමැත්තෙමු.

මලීෂ් කඹුරැගමුව. FB

Related posts

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

colombotoday

ෆාමසියෙන් ගත් බෙහෙත් බී කතක් මියයාම ගැන විමර්ශන අරඹයි

Admin

අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා රිෂාඩ් බදියුදීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

2003 දී රනිල් බදුදුන් ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ගිවිසුම වෙනස් කෙරේ. වාසිය ලංකාවටයි. – ​ඇමති ගම්මන්පිල කියයි

colombotoday

ඝාතනය වූ පැලවත්ත කෝටිපති ව්‍යපාරිකයාගේ රිය මීගමුවෙන් හමු වෙයි

Admin

චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් දිවයිනට

Admin