Colombo Today Local News

ජනපති ආ උත්සවයේ ‘පන්සිල් ගැනීම‘ මගහරී.. හිමිනමක් නැගිට විරෝධය දක්වයි (Photo)

සිරකරුවන්ගේ සුබ සාධක සංගමයේ 100 වැනි සංවත්සරය සැමරීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවැති උත්සවයකදී නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය.

ඒ එම උත්සවයේදි පන්සිල් ගැනීමට මග හැරීම හේතුවෙන් ඒ සඳහා සිරකරුවන්ගේ සුබ සාධක සංගමයේ උප සභාපති ඥානදස්සි හිමියෝ සභාවේ නැගී සිටිමින් විරෝධය දැක්වීමට කටයතු කිරීම හේතුවෙනි.

උත්සව සභාව ආරම්භ කරමින් මුලින්ම පොල්තෙල් පහන දැල්වීය, පසුව සිරකරු සුබ සාධක සංගමයේ සභාපති ආචාර්ය පී.ඒ. කිරිවන්දෙණිය මහතා පිළිගැනීමේ කතාව සිදුකළේය.

පසුව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා උත්සව සභාව ඇමතීමට සූදානම් වෙන අවස්ථාවේදී ඥානදස්සි හිමියන් නැගිට විරෝධය පළ කරන්නට වූයේ න්‍යාය පත්‍රයේ පන්සිල් සමාදන්වීම තිබුණත් පසුව එය ඉවත් කර ඇති බව සඳහන් කරමිනි.

කෙසේ වෙතත් උන්වහන්සේ සභාවට පන්සිල් ලබාදුන් අතර ස්වාමිනාදන් මහතා සිය කතාවේදී ඒ පිළිබඳව සමාව ඉල්ලීමට කටයුතු කළේය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුව උත්සව සභාව ඇමතීය. වෙනත් කිසිවෙකු සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලිමට කටයුතු නොකළේය.

මෙම උත්සවය ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදීන්ට ජනපති ආරක්ෂක අංශයෙන් බාධා එල්ලවිය.

Ada.lk

Related posts

ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේවගෙන් සහතිකයක්

colombotoday

රංජිත් මද්දුමබණ්ඩාරගේ අභියාචනය කැඳවයි

colombotoday

පිංකමකට ගිය පොහොට්ටු මන්ත්‍රීගෙන් අහසට වෙඩි

colombotoday

කොටි භාෂා පරිවර්තක ජෝජ් මාස්ටර් නිදහස්

colombotoday

ශ්‍රී ලංකාව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට

colombotoday

පරණ ලාෆ් ගෑස් සිලින්ඩර යළි භාරගනියි

colombotoday