Colombo Today Local News

“සියලුම ජාතිවාදී ගැටුම් මෙහෙයවන්නේ ගෝඨාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේ“ – එස්.බී

අදද යම් ජාතිවාදී ගැටුමක් ඇත්තේ නම් එය මෙහෙයවන්නේ එය පිටුපස ඉන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ යයිද ඔහු සදහන් කරයි.

රට තුළ යම් ජාතිවාදී ගැටුමක් ඇත්තේ නම් එය මෙහෙයවන්නේත්, එය පිටුපස ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි ඇමති එස්.බී. දිසානායක පවසයි. බොදු බල සේනා සංවිධානය හැදුවේ, රැක්කේ, නඩත්තු කළේ හිටපු ආරක්ෂක ලේකම්වරයා යැයිද හෙතෙම කියා සිටී.

පසුගිය දිනවදී ව්‍යාපාරික ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මාධ්‍ය කල විමසීමකදී හිටපු ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, යම් යම් පාර්ශව වලට චෝදනා කරමින් නොසිට ඊට වගකිය යුතු අයට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. ජාතීවාදීන් අත්අඩංගුවට ගැනීම අවශ්‍ය නම් උතුරට ගෙස් අත්අඩංගුවට ගත හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මේ අතර අත්අඩංගුවට ගැනීමට සොයන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සගවාගෙන සිටින්නේ, ඇමති පාඨලී චම්පික රණවක යැයි හිටපු ඇමති තිස්ස විතාරණ මහත පවසයි. ඥාණසාර හිමියන්ට රැකවරණය සපයන්නේ ඇමති විජේදාස රාපක්ෂ යැයි එජාප හිතවාදී වෙබ් අඩවි ප්‍රකාශ කර තිබිණි.

Related posts

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති යටතේ !

colombotoday

නිදහස සමරන්න සතොසේ භාණ්ඩ 7ක මිල අඩු කරා

colombotoday

සා/පෙළ විභාග අපේක්ෂකයන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

colombotoday

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූනි.. උසස් පෙළ ආරම්භය ජූලි – අධ්‍යාපන ඇමති

colombotoday

විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග

colombotoday

ජොන්ස්ටන් කොටුව මහේස්ත්‍රාත් හමුවට භාර වී පිටව යයි..

colombotoday