Colombo Today Local News

යාපනයට මහ නියගයක්… වැව්, පොකුණු, ලිං සිදී යයි.. බොන්න වතුරත් නෑ !

යාපනයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 33,000කට අයත් පුද්ගලයින් 121,000කට පමණ පානීය ජලය ඇතුලු අනෙකුත් අවශ්‍යතා සඳහා ජලය නොමැතිව දැඩි පීඩාවකට පත්ව ඇතැයි යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියි.

යාපනයේ කයිට්ස්, මරදන්කේනි, කරෙයිනගර්, සංදිලිපායි, සංගත්තානෙයි, වේලනයි යන ප්‍රදේශවල මෙම නියං තත්ත්වය දැඩිව බලපා ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

මේ වන විට ආපදා කලමනාකරණ අමාත්‍යංශය විසින් අවශ්‍ය පහසුකම් යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය හරහා ලබා දීමට කටයුතු යොදා තිබේ.

යාපනය පුංකුඩතිව් හා මණ්ඩතිව් යන ප්‍රදේශයන්හි ජනතාව පානීය ජලය නොමැතිව දැඩි පීඩාවන්ට පත්ව සිටින අතර ඔවුන් ජලය නොමැතිව මාර්ග අසල දිනය පුරා රැඳී සිටිමට සිදුව ඇති බවත් ප්‍රදේශයේ පිහිටි සියලුම ජලය පිහිටි ස්ථාන සිඳී ගොස් ඇති බවත් එම වැසියෝ කියා සිටියි.

කෙසේ වෙතත් ඉදිරියටත් වර්ෂාව නොලැබුණහොත් අවදානමට පත් වැසියන්ගේ තත්ත්වය තවදුරටත් බරපතල වන බවටද දිසාපතිවරයා වැඩි දුරටත් කියා සිටියි.

Related posts

තෙල් අයිතිය මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලයි

colombotoday

පොලීසියට අලුත් මැෂිමක්. අසභ්‍ය දර්ශන Upload කල සැනින් ඇලට් එකක් යයි. පුද්ගලයින් 17629ක් සොයා විමර්ශන

colombotoday

කොටි සිරකරුවන්ගේ නිදහස වෙනුවෙන් පෙනී සිටිනවා – ජනපති සමාව ලැබූ ජිනීවන් යාපනයේදී කියයි

colombotoday

පවුලේ දේපොළ වත්කම් සාපයක් වී අවිගත් ‘සමයං‘ගේ සෝබර පාපොච්ඡාරණය

colombotoday

මෙමරි කාඩ්පත නැවත ලබා දෙන්නට අල්ලස් ගත් නාකොටික් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

colombotoday

LTTE අපරාධ සංවිධානයක් නොවන බවට ස්විස්ටර්ලන්ත අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday