Colombo Today Local News

තෙල් අයිතිය මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලයි

ඉන්ධන ආනයනය හා බෙදා හැරීම හා අලෙවිය පෞද්ගලික සමාගම්වලට ලබාදීමට ප්‍රථම ඉන්ධන සම්බන්ධයෙන් නියාමනය කිරීමේ බලය මහජන උපයෝගිතා කොමිසමට යටත් කළ යුතු බව ඛනිජ තෙල් සම්බන්ධ විශේෂඥයකු වන සිරිල් සුදුවැල්ල පවසයි.

ඉන්ධන ආනයනය බෙදා හැරීම හා අලෙවියට ඛනිජ තෙල් සංස්ථාව අයැදුම්පත් කැඳවීමේදී රටවල් දහයකින් සමාගම් 24ක් ඉදිරිපත් කර ඇත.

ඉන් තෝරා ගන්නා සමාගම් කිහිපයකට දැනට සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් හත්සියක් ලබාදීමට නියමිත බවට වාර්තා වේ.

මෙම තත්ත්වය මත ඉන්ධන බෙදා හැරීමේ හා අලෙවියේදී මිල තීරණය කිරීම, ප්‍රමිතිය, පාරිභෝගිකයාට බලපාන ගැටලු හා ආදී කරුණු නියාමනය කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම යටතට ඉන්ධනද යටත්කළ යුතු බවට සුදුවැල්ලපවසයි.

එසේ නොමැති වුවහොත් සමාගම්වල අභිමතය පරිදි ඉන්ධන මිල, ප්‍රමිතිය, ගුණාත්මකභාවය ආදිය පවත්වාගෙන යාමට ඉඩ ඇත. දැනට කොමිසන් සභාව යටතට තෙල් සංස්ථාව නාමිකව යටත් කර ඇතත් කිසිදු බලතලයක් නොමැති බව ඔහු සඳහන් කරයි.

Related posts

රන්ජන්ගේ සිරකුටිය තහනම් කලාපයක් කරයි !

colombotoday

දේශීය මත්පැන් වලටත් ආරක්ෂිත ලේබලයක්

colombotoday

එජාප ය – ශ්‍රීලනිපය මත දෙකක.. ව්‍යවස්ථා සංශෝධනය මහ අවුලක !

colombotoday

හෙට සිට අඛණ්ඩව විදුලිය

colombotoday

පාර්ලිමේන්තු ගුටි කෙළියේ සංස්කරණය නොකල සජීවී දර්ශන මෙන්න (VIDEO)

colombotoday

මධූෂ් ඇතුළු පිරිස ඩුබායි රටේම සිරකර තැබීම නුවණට හුරුයි…

colombotoday