Colombo Today Local News

දැඩි උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

උතුරුමැද සහ නැගෙනහිර පළාත් වලට මෙන්ම වව්නියා, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද(25) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේදී අවදානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව එහි දැක්වේ.

ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරිම, සෙවන ඇති ස්ථාන වල හැකිතාක් විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කිරිම, අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරිම වැනි උපදෙස් එම ප්‍රදේශවල ජනතාව පිළිපැදිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මේ අතර, අධික උණුසුම් හා වියලි කාලගුණයත් සමග අක්ෂි සෞඛ්‍යය සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම කාලගුණ තත්ත්වය හමුවේ ඇස්වල විවිධ සංකූලතා මතුවිය හැකි බව ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පවසයි.

මේ අතර, වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ අසූ දහස් 230 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, දිස්ත්‍රික්ක 18ක පිරිස් එලෙස ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

Related posts

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

සෞඛ්‍ය වර්ජනය නිසා යුද හමුදාවත් රෝහල් සේවයට

Admin

පූගොඩ උසාවිය අසල පිපිරීමක්..

colombotoday

නාමල් අදත් FCID අත්අඩංගුවට ගනී

colombotoday

ඇමරිකාවෙන් ඩොලර් මිලියන 2.5 ක හදිසි ආධාරයක්

colombotoday

වරාය විකුණන්න හදන්නේ ආණ්ඩුවේම බලවතුන් පිරිසක්.. මළත් විකුණන්න දෙන්නෑ.. වරාය නි. ඇමති

colombotoday