Colombo Today Local News

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

අධික උණුසුම් කාලගුණික තත්ත්වය අතරතුර පුද්ගලයෙක් පාපැදියක් තල්ලුකරමින් ඊයේ (21) දහවල් මාර්ගයේ ගමන් කරමින් සිටියදී බිම ඇදවැටී මියයාමේ පුවතක් වාර්තා වුණි.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන ඔහු 72 හැවිරිදි සිව්දරු පියෙකි.

මෙරටට බලපා ඇති එල්නීනෝ තත්ත්වයත් සමඟ සිරුරට දැනෙන උණුසුම පවතින්නේ ඉහළ මට්ටමකය.

අධික උණුසුමින් ආරක්ෂා වන ලෙස සෞඛ්‍ය අංශ පසුගිය කාලය පුරා ජනතාවට අනතුරු ඇඟවීය.

මේ අතර දින ගණනක් පැවති වියළි කාලගුණය නිමාකරමින් ප්‍රදේශ කිහිපයකට ඊයේ (21) සිට වැසි ඇදහැලෙන අතර අද (22) පස්වරුවේ කොළඹට ධාරාණිපාත වැසි ඇදහැලුණි.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය අම්පාර මහඔය ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එම අගය මිලිමීටර් 133.5කි.

මෙරටට බලපැවැත්වුණු වියළි කාලගුණය හමුවේ ජල මූලාශ්‍ර රැසක ජල මට්ටම පහළ බැස ඇති බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේය.

ඒ හේතුවෙන් ප්‍රදේශ ගණනාවකට ජලය සැපයීමට සිදුව ඇත්තේ මුර ක්‍රමයකටයි.

කළුතර,කුරුණෑගල,මහනුවර, මාතලේ, නුවරඑළිය, මාතර, මොනරාගල සහ රත්නපුර ආදී ප්‍රදේශ 25කට මේ වන විට මුර ක්‍රමයක් යටතේ ජලය සැපයේ.

නමුත් මෙම වැසි සහිත තත්ත්වය දින පහක් පමණ පැවතී යළි උණුසුම් තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

වෙල්ගම ගැන ඒකාබද්ධය තීන්දුවක් ගන්න යයි….

colombotoday

ප්‍රභූවරයෙකු ලඟදීම අත්අඩංගුවට?- වැලිකඩ ප්‍රභූ සිර මැදිරියක්‌ හදිසියේ සූදානම් කරයි

colombotoday

ජනපතිගේ යෝජනාව ඒකාබද්ධය පිලිගනී.. මහින්ද ඇගමැති කර සන්ධාන ආණ්ඩුවක්…

colombotoday

රාජගිරියේ අනතුර- නඩුවේ ඉදිරි පියවර සලකා බැලීම සැප්තැම්බර් 17 වනදා

colombotoday

ශ්‍රී ලංකාවේ නව ගල් අඟුරු බලාගාර ඉදි කරන්නේ නැහැ

colombotoday

ට්‍රම්ප්ට එරෙහි යෝජනාවට ලංකාවත් අත උස්සයි.. මූල්‍යාධාර කපා දමන බවට ඇමරිකාව අනතුරු අගවයි

colombotoday