Colombo Today Local NewsUncategorized

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

වසරේ මේ දක්වා කාලය තුළ පොලිසියේ විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 2400 ක් ලැබී ඇති බව ජාතික පොලිස් කොමිසම පවසයි.

එහි සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එම පැමිණිලිවලින් 51% කට විසඳුම් ලබා දී ඇති බවයි.

පැමිණිලිවලින් බහුතරය යම් පැමිණිල්ලක් සමබන්ධයෙන් පොලීසිය ක්‍රියා නොකිරීම, අපක්ෂපාතී නොවීම හා බලය අයුතු ලෙස භාවිත කිරිම සම්බන්ධයෙන් වෙයි.

සභාපතිවරයා ප්‍රකාශ කළේ , විභාග කළ පැමිණිලිවලදී චෝදනා සනාථ වූ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා ලෙස උපදෙස් දී ඇති බවයි.

මේ අතර පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් තවදුරටත් පැමිණිලි යොමු කළ හැකි බවයි.

ඒවා විභාග කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව ද පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

Related posts

අද දුම්රිය ගමන්වාර 6ක් අවලංගුයි

colombotoday

ඉදිරි සතියේදී ළමා රෝහලේ කටයුතුත් අඩාළ වෙයි

colombotoday

සේවයට වාර්තා නොකළ හමුදාවේ 9231 ක් අත්අඩංගුවට !

colombotoday

සියලුම ඉරිදා දහම් පාසල් අප්‍රේල් 26 දක්වා වසාදැමේ

colombotoday

ලංකාව ගැන වාර්තා 2ක් සමඟ : මානව හිමිකම් කවුන්සිලයේ 39 සැසිය අද සිට

colombotoday

අගමැති රනිල් අද මුදල් ඇමති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday