Colombo Today Local News

ඉතාලියම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙයි… ලාංකිකයන්ටත් එරටින් පිටවීම තහනම් කෙරේ !

හදිසි හෝ අත්‍යාවශ්‍ය බව දැක්වෙන කරුණකින් තොරව කිසිදු ශ්‍රී ලාංකිකයකුට ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පිටත්වීම එරට රජය විසින් තහනම් කර තිබෙනවා.

කොවිඩ් -19වයිරසය ශීඝ්‍රයෙන් පැතිර යාමටත් සමස්ත ඉතාලියම නිරෝධායනයට ලක්කිරීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලාංකිකයන් ඇතුළු එරට සිටින සියලු විදේශිකයන්ට රටින් පිටවීමේදී දැඩි සීමවන් පැනවීමට ඉතාලි රජය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

​මේ පිළිබඳ අදහස් පළ කළ රෝමයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති සිසිර සෙනෙවිරත්න පැවැසුවේ පවුලේ ඥාතියකුගේ හදිසි මරණයක්, හදිසි රෝගී තත්ත්වයක් වැනි අත්‍යවශ්‍ය හෝ හදිසි තත්ත්වයක් පිළිබඳ කරුණු දැක්වීමකින් තොරව ශ්‍රී ලාංකිකයන්ට ඉතාලියෙන් පිටවීම තහනම් කර ඇති බවයි.

‘දැනට මුළු රටම වහලයි තියෙන්නේ. ඒ නිසා රටින් කිසිවකුට පිටවීමට අසීරුයි. කාට හරි රටින් පිටවෙන්න අවශ්‍ය නම් ළඟම ඥාතියෙකුගේ මරණයක් හෝ හදිසි අසනීප තත්ත්වයක් වගේ අත්‍යවශ්‍ය කාරණයක් පිළිබඳව හේතු දැක්වීමක් කළ යුතුයි. ඒ සඳහා දීර්ඝ ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතුයි. මේ වෛරසය රටින් පිටවීම වැළැක්වීම සඳහා ඉතාලි රජයෙන් ගත්තු තීරණයක්.”

රටින් පිටවීම සඳහා සම්පූර්ණ කරන ලද ලේඛන ඉතාලියේ දේශ සීමා පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු එහි අවසරය මත පමණක් රටින් පිටවීමට අවස්ථාව උදාවන බව වැඩබලන තානාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

Related posts

රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කර ගනී !

colombotoday

ලෝක ළමා දිනය අදයි

colombotoday

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරි විවේචනය කලොත් දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනවා – පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

colombotoday

පාසල් සිසුවියකට අසභ්‍ය දර්ශන යැවූ ගුරාට වැඩ වරදි

Admin

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday

පාර්ලිමේන්තුව අගමැති අසුන මහින්දට.. විශ්වාසභංගය සභාගත කෙරේ…

colombotoday