Colombo Today Local News

රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කර ගනී !

2018 ජනවාරි පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඇස්බැස්ටස් සෙවිලි තහඩු මෙරට තුළ තහනම් කිරීමට රජය ගෙන තිබූ තීරණය අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඇස්බැස්ටස් පිළිකා කාරයකයක් බවට හදුනාගෙන ඇති බැවින් මෙරටට ආනයනය කිරීම 2018 සිට තහනම් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ 2015 අගෝස්තු 29 වැනිදා ය.

එමෙන්ම ලංකාවට ආනයනය කරන ඇස්බැස්ටස් අමුද්‍රව්‍යවල ප්‍රමිතිය පිළිබද සොයා බැලීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් කමිටුවක්ද පත්කර ඇත.

මෙරට ඇස්බැස්ටස් අවශ්‍යතාවයෙන් 80%ක් පමණ ආනයනය කරන්නේ රුසියාවෙන්.

රුසියානු රජය ශ්‍රී ලංකාවේ තේවලට ඉකුත්දා තහනමක් පැනවූ අතර ඊට හේතුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම් කිරීම බවට දේශපාලන කරළියේ කතා බහට ලක් විය.

ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටස් තහනම ඉවත් කිරීමත් සමග රුසියානු රජය ශ්‍රී ලංකා තේ සදහා පනවා ඇති තහනමද ඉවත් කරගනු ඇති බවට කැබිනට් මණ්ඩලයේදී අවධානයට ලක්ව තිබෙනවා.

 

Related posts

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද

colombotoday

ප්‍රථම වරට මෙරටින් හඳුනා ගත් ගව වෛරසය දිස්ත්‍රික්ක 14ක පැතිරෙයි.

colombotoday

පොහොට්ටුවට එක්වන්න ආ ෆයිසර් මුස්තාපාව පන්නා දමයි !

colombotoday

අතුරුදන්ව සිටි දැරියකගේ සිරුර ගෙවත්තේම ළිදෙන් මතුවෙයි

colombotoday

අසාධාරණ බදු වහා හකුලා ගනු – පාරිභෝගිකයින් සුරැකීමේ සංවිධානය

colombotoday

නව පොලිස්පති වැඩ භාරගනී

colombotoday