Colombo Today Local News

LTTE අපරාධ සංවිධානයක් නොවන බවට ස්විස්ටර්ලන්ත අධිකරණයෙන් තීන්දුවක් !

එල්.ටී.ටී.ඊ සංවිධානය අපරාධ සංවිධානයක් නොවන බව පවසමින් එම සංවිධානයට අරමුදල් රැස්කළ පුද්ගලයින් 12 දෙනෙකු  නිදෙස් කොට නිදහස් කිරිමට ස්විට්සර්ලන්ත ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබේ.

ස්විට්සර්ලන්තයේ දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝණය කරමින් 1999 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළ එල්.ටී.ටී.ඊ සංවිධානයට අරමුදල් රැස්කළ බවට චෝදනා කරමින් ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලය විසින් එම පුද්ගලයින්ට එරෙහිව අධිචෝදනා ගොණු කර තිබුණි.

ගෝලීය දෙමළ සහයෝගිතා කමිටුව හරහා එල්.ටී.ටී.ඊ සංවිධානයට එම අරමුදල් රැස්කර ඇති බව සදහන්.

එහෙත් ගෝලීය දෙමළ සහයෝගිතා කමිටුව සහ එල්.ටී.ටී.ඊ සංවිධානය අතර සම්බන්ධතාවක් පවතින බවට තහවුරු කිරිමට තරම් සාක්ෂි නොමැති බවට එරට ෆෙඩර්ල් අධිකරණය විසින් පසුගියදා තින්දුවක් ලබාදී තිබුණි.


එම තීන්දුව අභියෝගයට ලක් කරමින් ස්විට්සර්ලන්ත නීතිපති කාර්යාලය යලි කරුණු ගොණු කර ඇත්තේ ගෝලීය දෙමළ සහයෝගිතා කමිටුව අපරාධ සංවිධානයකට සහයෝගය ලබාදි ඇති බවයි.

කෙසේවෙතත් පෙර ලබාදුන් තීන්දුව මත රැදී සිටිමින් ෆෙඩරල් අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ එරට දණ්ඩ නීති සංග්‍රහයේ 260 වන වගන්තියේ සදහන් වන්නේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් පිළිබඳ පමණක් බවත්, එම අරමුදල් රැස්කරන කාලසීමාවේ එල්.ටී.ටී.ඊ  සංවිධානය අපරාධ සංවිධානයක් ලෙස හදුනාගෙන නොතිබූ බවයි.

ඒ අනුව අරමුදල් රැස්කළ පිරිස නීති උල්ලංඝණය කිරිමක් කර නොමැති අතර, එල්.ටී.ටී.ඊ සංවිධානය ත්‍රස්ත ප්‍රහාර සිදු කළ ද එම සංවිධානයේ මූලික අරමුණ වූයේ ජන වාර්ගීක කොටසකගේ ස්වාධිනත්වය වෙනුවෙන් පෙනී සිටිමට බව ද ෆෙඩර් අධිකරණය ප්‍රකාශ කර තිබේ

Related posts

උතුරු/නැගෙනහිර හර්තාලයට බදුර්දීන් රජයේ වාහන අවභාවිතා කරලා.. ජනපතිට ලිපියක්

colombotoday

“අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නෑ.. බුද්ධාගමටත් හානියක් නෑ” – ඇමති පා.ච. කියයි

colombotoday

ලංකාව දැන් පිළුනු ගඳයි – ඉන්දියාවේ හින්දු පුවත් පත කියයි !

colombotoday

රනිල්ගේ සබඳතා අද මායාවක් වෙලා : රටේ ප්‍රශ්න විසඳන්න මෙලෝ උත්සහයක් නෑ… ආර්ථිකය කාබාසිනියා කරනවා… – විමල්

colombotoday

කබරගල වතුයායේ නායයෑමකින් වතු නිවාස 30ක් යට වෙයි

Admin

කොවිඩ් පොකුරු මතුවුණොත් ඡන්දය කොටස් වශයෙන්

colombotoday