Colombo Today Local News

ඇමරිකා හමුදාව ශ්‍රී ලංකාවේ ස්ථානගත වීමේ සූදානමක්.. 5වන නෞකා බළඇණිය ඩෙල්ෆ් දූපතට !!!

දැනට දියාගෝ ගාර්ෂියා හි ස්ථානගතව සිටින ආසියා – ෆැසිපික් සාගර කලාපයේ ඇමරිකානු 5 වන නෞකා සේනාංකය ලංකාවේ ඩෙල්ෆ් දූපත් සමූහයේ ස්ථානගත කිරීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට අදාළ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම නුදුරේදීම එක්සත් ජනපදය විසින් සිදු කරනු ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටින්නේ එක්සත් ජනපදය මෙරට සමඟ 2007 වසරේ අත්සන් කළ The Acquisition and Cross – Services Agreement (ACSA) ගිවිසුම මත පදනම්ව ඇමරිකානු 5 වන නෞකා සේනාංකය සඳහා ඩෙල්ෆ් දූපත ඉල්ලා සිටීම සිදුවනු ඇති බවය.

මේ අයුරින් ඇමරිකා එක්සත් ජනපදය ඩෙල්ෆ් දූපත වෙත අවධානය යොමුකර තිබෙන්නේ දැනට ආසියා – ෆැසිපික් සාගර කලාපයේ ඇමරිකානු 5 වන නෞකා සේනාංකය ස්ථානගත වී සිටින දියාගෝ ගාර්ෂියා දූපතෙන් ඉවත් වීමට සිදුව තිබීමත් ඒ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට ඉන්දියානු සාගර කලාපය තුළ කඳවුරක් පිහිටුවීම සඳහා භූමියක් අවශ්‍ය වීම නිසාත්ය.

ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමරිකානු 5 වන නෞකා සේනාංකය වෙනුවෙන් දියාගෝ ගාර්ෂියා දූපත් සමූහය ගිවිසුමක් හරහා බි්‍රතාන්‍යය වෙතින් මිලදී ගන්නේ 1966 දී වන අතර ඒ ඇමරිකානු ඩොලර් මිලියන 14ක මුදලකටය. එම ගිවිසුමට අනුව ඇමරිකා එක්සත් ජනපදයට එම දූපත් සමූහයේ කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන්නේ වසර 50ක කාලයක් සඳහා පමණි. ඒ අනුව මේ වසර අවසන් වන විට දියාගෝ ගාර්ෂියා හි සිට මෙහෙයුම් කටයුතු සිදු කිරීමට එක්සත් ජනපදයට අවස්ථාව අහිමි වේ.

එක්සත් ජනපදය විසින් ඩෙල්ෆ් දූපත වෙත අවධානය යොමු කිරීමට පෙර අවධානය යොමුකර සිටියේ මාලදිවයින් දූපත් කෙරෙහිය. එහෙත් එම අදහස පසුව වෙනස් වූ අතර ඉන්දියන් සාගරය තුළ ඩෙල්ෆ් දූපත් සමූහය පිහිටා ඇති භූගෝලීය වැදගත්කම, ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිත ඉන්දීය ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් තිබීම සහ මෙරට නාවුක ක්ෂේත්‍රයේ චීන ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සැලකිල්ලට ගෙන ඩෙල්ෆ් දූපත් සමූහය වෙත එක්සත් ජනපද අවධානය යොමුව ඇති බව ද අප ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් මැදිහත්ව ඇෆ්ගනිස්තානයේ සහ ඉරාකයේ සිදු කළ යුද්ධවල දී ප්‍රහාරක මූලස්ථානය ලෙස භාවිත කර ඇත්තේ දියාගෝ ගාර්ෂියා දූපත් සමූහයේ පිහිටි කඳවුරය.

Sathhanda

Related posts

ජනාධිපති ගෝඨාභය රැගත් ගුවන් යානය සිංගප්පූරුවට

colombotoday

විගණන පනත සම්මතකර විගණකාධිපතිගේ බලතල කොමිසමකට පවරනවා – මුදල් ඇමති

colombotoday

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට බැනර් නොගැසුවාට, ප්‍රෙස් එකේ ලයිට් කපලා

colombotoday

උතුරුමැද පළාත්සභාවේ මන්ත්‍රීන් කාකොටා ගනී.. සෙංකෝලයත් දෙකට කැඩේ !

colombotoday

අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ගෑස් සමාගම්වලට අධිකරණයෙන් නියෝග

colombotoday

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෑ.. අපි එකතු වෙන්නෑ“ පොදු ජන පෙරමුණ දැඩි තීන්දුවක

colombotoday