Colombo Today Local News

අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳපොළට නිකුත් කරන්නැයි ගෑස් සමාගම්වලට අධිකරණයෙන් නියෝග

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අනුමත කරන ගෑස් සිලින්ඩර් පමණක් වෙළෙඳ පොළට නිකුත් කරන ලෙස ගෑස් සමාගම්වලට අභියාචනාධිකරණය අද නියෝග කළේ ය.

ප්‍රමිතීන්ට අනුකූල නොවන අයුරින් වෙළඳපොළට නිකුත් කර ඇති ගෘහස්ත ගෑස් සිලින්ඩර නැවත එකතු කර ගැනීමට කටයුතු කරන ලෙස ද අභියාචනාධිකරණය ගෑස් සමාගම් වෙත කළ අතුරු තහනම් නියෝග මගින් පෙන්වා දුන්නේ ය.

වෙළඳපොළේ හා පාරිභෝගිකයන් වෙත නිකුත් කර ඇති ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙනුවට ප්‍රමිති අනුකූල නව ගෑස් සිලින්ඩර ලබා දීමේදී ගාස්තු අය නොකරන ලෙසට ද අභියාචනාධිකරණය ගෑස් සමාගම් දෙකට නියෝග කළේ ය.

නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කර ඇති මෙම රීට් පෙත්සම රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජයරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද(17)දින කැඳවූ අවස්ථාවේ මෙම නියෝග නිකුත් කෙරිණ.

රීට් පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම ලබන ජනවාරි 26 වෙනිදාට කල් තැබිණ.

Related posts

සමෘද්ධියේ සතපහකට අත තියන්නේ නෑ – මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ කියයි

Admin

අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

ශ්‍රී ලංකාව සියලුම විදේශ ණය ගෙවීම අත්හිටුවයි

colombotoday

තිස්ස එජාපයට එරෙහිව සටනට.. දේශපාලන තීන්දුව ළගදීම !

colombotoday

මරාගෙන මැරෙන ප්‍රහාර 20ක් සහරාන්ගේ කණ්ඩායම සැලසුම් කරලා – පාස්කු කොමිසමේදී හෙළිවේ

colombotoday

මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

colombotoday