Colombo Today Local News

ශ්‍රී ලංකාව සියලුම විදේශ ණය ගෙවීම අත්හිටුවයි

ශ්‍රී ලංකාව සියලුම විදේශ ණය ගෙවීම අද (12) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

රටතුළ විදෙස් සංචිත ඉතා අඩුවී ඇති බවත් එම මුදල් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ඉන්ධන ආනයනය සඳහා යොදාගැනීමට තීරණය කළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ඩොලර් බිලියන 1.93ක් දක්වා පහළ ගොස් ඇති අතර 2022 දී විදෙස් ණය සඳහා ඩොලර් බිලියන 4ක් ගෙවීමට තිබේ.

ණය ලබා දුන් සියලුම විදේශ රාජ්‍ය සහ ආයතනවලට මේ සම්බන්ධව දන්වා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර ඇත්තේ ණය පොලී වාරිකය යළි මෙරට තුළ ආයෝජනය කිරීමට හෝ ඩොලර් වෙනුවට රුපියල්වලින් ගෙවීමට එකඟ විය හැකි බවයි.

රට වැටී ඇති බිහිසුණු විනිමය අර්බුදයට පියවරක් ලෙස මහබැංකුව මෙම තීන්දුව ගෙන තිබේ.

කෙසේ වෙතත් රජයේ ප්‍රතිපත්තිය 2022 අප්‍රේල් 12 වන දින දක්වා වූ හිඟ වූ බලපෑමට ලක් වූ ණය ප්‍රමාණයන්ට අදාළ වන අතර එම දිනයෙන් පසු නව ණය පහසුකම් මෙම ප්‍රතිපත්තියට යටත් නොවන අතර සාමාන්‍ය පරිදි සේවා සපයනු ලබන බව වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

රථවාහන දඩ මුදල් වැඩි කෙරේ

colombotoday

පොලිසියේ උසස් නිලධාරීන් 12කට ස්ථාන මාරුවීම්

Admin

‘”භික්ෂූ විනය’ නමැති සළුව අන්දවා භික්ෂූන් මර්ධනයටයි ආණ්ඩුව මේ සැරසෙන්නේ” ගම්මන්පිල

colombotoday

එල්.ටී.ටී.ඊ බෝම්බ බියෙන් ජනපති, හමුදාපති, ආරක්ෂක ලේකම් රට හැර ගියා.. අවසන් සති දෙකේ යුද්ධය කළේ මමයි – ජනපතිගෙන් අලුත් හෙළිදරව්වක්

colombotoday

බියර් මිළ අඩු කිරීම ගැන ජනපති කනස්සල්ලෙන් !

colombotoday

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50 % ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්

colombotoday