World

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වෙයි

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොව පුරා සීඝ්‍ර ලෙස ව්‍යාප්තවීම ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන මිලටත් බලපෑමක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ හේතුවෙන් නව සංචරණ සීමා පැනවුවහොත් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩුවෙතැයි වෙළෙඳපොල විශ්ලේෂකයෝ පවසති.

බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් ශත 59කින් අඩුවී තිබේ. එහි මිල දැක්වුණේ ඩොලර් 74.43ක් ලෙසය.

මෙම සතිය තුළදී බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඒ අනුව 1%කින් අඩුවී ඇති බව දත්ත අනුව පෙනීයයි.

මේ අතර තම සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රකාශයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ පවසා ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීමට අපේක්ෂා නොකරන බවය.

Related posts

වතිකානුවේ අපචාර ගැන පාප් තුමා ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

colombotoday

ඊශ්‍රායලය ගොඩබිම් ප්‍රහාර පුළුල් කරයි

Admin

අබිං සහ හෙරොයින් බෙදන ඇෆ්ගනිස්ථානය. – තලේබාන් ත්‍රස්තයින් ආදායම් සෙවූ හැටි.

colombotoday

ජපානයේ සිය දිවි නසාගැනීමේ කඳුකරයේ දී මිනිසුන් 600 කට නැවත පණ දුන් යුකියෝ ෂීගේ

colombotoday

යුරෝපයේ අනාගතය අමෙරිකානු මැතිවරණය මත රඳා පැවතිය නොහැක – එමානුවෙල් මැක්‍රොන්

Admin

බ්‍රිතාන්‍යයට අලුත් අගමැතිවරයෙක් තෝරා ගැනීම අද

colombotoday