Colombo Today Local News

හමුදාව සතු උතුරේ ඉඩම් ගැන TNA සාකච්ඡා.. පළාලි අධි ආරක්ෂිතයත් ඉවත් කරන්න ඉල්ලයි !

හමුදාව සතුව පවතින උතුරේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාව සඳහා යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනාගම් මහතා, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් එක්ව සිටි බව වාර්තා වෙයි.

මෙහිදී උතුරේ ආරක්ෂක අංශ සතුව ඉඩම් අක්කර 6000ක් පමණ පවතින බවට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරු පෙන්වා දී තිබේ. එමෙන්ම පලාලි ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පවතින අධි ආරක්ෂිත කළාපයේ ඉඩම් නිදහස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇති බව සඳහන්ය.

කෙසේ වෙතත් මෙහිදී යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර අදාළ ඉඩම් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබාදීමට කටයුතු කරන බවයි.

Related posts

කැබිනට් අනුමැතිය ලැබුණු, සංශෝධනය කරෙන බදු පනත් මෙන්න

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට හමුදා බුද්ධි නිලධාරියෙකු අත්අඩංගුවට !

colombotoday

HUTCH සමාගම මැදිහත්වී කලක පටන් කරගෙන ගිය තඹ හොරකමක් මාට්ටු.

colombotoday

බාධක රැසක් මැද විමල්ගේ දියණියත් සා/පෙළ ඉහළින් දිනයි.. A-9 යි..

colombotoday

මැතිවරණ සටනට මහින්ද යළි කුරුණෑගලින්

colombotoday