Colombo Today Local News

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට බැනර් නොගැසුවාට, ප්‍රෙස් එකේ ලයිට් කපලා

ලංවිම ඉංජිනේරු සංගමයේ විරෝධතාවකට අවශ්‍ය බැනර් එකසිය පනහක් මුද්‍රණය කිරීමේ කටයුතු නිසි පරිදි ඉටු නොකළ බව කියමින් එම කොන්ත‍්‍රාත්තුව බාරගත් මුද්‍රණායතනයක විදුලිය සිඳලූ සිද්ධියක් සම්බන්ධයෙන් ශ‍්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

විදුලිබල මණ්ඩල ඉංජිනේරුවකු විසින් මෙම මුද්‍රණ කටයුත්ත බාරදී ඇත්තේ රත්නපුර, කුරුවිට ප‍්‍රදේශයේ මුද්‍රණාලයකටය.

ඉකුත් මස 18 වැනිදා පැවති ලංවිම ඉංජිනේරු උද්ඝෝෂණයකට අවශ්‍ය කටවුට් හා අත්පත‍්‍රිකා තොගයක් නිවැරදි ලෙස මුද්‍රණය කර නොදුන් බව කියමින් එම මුද්‍රණ ගාස්තු ගෙවීමද ඉංජිනේරුවරයා ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

පසුව එදිනම මුද්‍රණාලයේ විදුලිය විසන්ධි කර දැමීමට ඉංජිනේරුවරයා ක‍්‍රියාකර ඇත්තේ රුපියල් 6400 ක හිග බිලක් ගෙවීමට ඇති බව කියමිනි. පසුව මුද්‍රණාලය හිමිකරු රුපියල් 7000 ක් ගෙවා දැමුවත් දින දෙකක් යනතුරු යළි විදුලි සම්බන්ධතාව ලබාදී නැත.

මේ පිළිබඳ විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරීන්ට හා ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට පැමිණිලි කර ඇත්තේ ඊට පසුවය. මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසූ බව ‘‘දිවයින’’ පුවත්පත වාර්තා කර ඇත.

Related posts

‘කංසා වලට වගේම කිතුල් රා වලටත් දෙන්න’

Admin

රක්ෂිත කට්ටි කිරීම පිටුපස සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිමි නමයි : පරිසර සංවිධාන 13 ක් ජනපතිට ලියයි

colombotoday

ගජමුතු විකුණන්න ගිය 2ක් පොලිස් දැලේ

colombotoday

මුලතිව්වට කාලගුණ විද්‍යා කාර්යාලයක්..

colombotoday

ඩෙංගු අධි අවදානම් දිස්ත්‍රික්ක 10ක්

colombotoday

වසර 68කට පසු සුපිරි සඳක් පායයි !

colombotoday